Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පෙරළිකාර ස්වියාටෙක් ප්‍රංශ විවෘත ශූරතාව දිනයි

පෙරළිකාර ස්වියාටෙක් ප්‍රංශ විවෘත ශූරතාව දිනයි

editorial - 2020 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය රටට පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා දෙමින් 1992 වසරේ සිට මේ දක්වා පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියකදී කාන්තා කේවල ශුරතාව දිනාගත් ලාබාලතම ක්‍රීඩිකාව බවට පත්වීමට පෝලන්තයේ ඉගා ස්වියාටෙක් සෙනසුරාදා (10 වැනිදා) සමත් වූවාය. තවමත් 19 වැනි වියේ පසුවන ස්වියාටෙක්, ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 54 වැනි ස්ථානයේ පසුවන අතර එවැනි ශ්‍රේණිගත කිරීමකට හිමිකම් කියමින් ප්‍රංශ විවෘත ශූරතාවක් දිනාගත් පළමු ක්‍රීඩිකාව ලෙසද ඇය වාර්තා අතරට එක්වූවාය.

අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ඇමරිකානු ක්‍රීඩිකා සොෆියා කෙනින් පරාජය කරමින් ස්වියාටෙක් එම ශූරතාවට හිමිකම් කීවාය. පළමු වටයේදී ලකුණු 6/4 ක් ලෙස සොෆියා පරාජය කළ ස්වියාටෙක් දෙවැනි වටය ජය ලැබුවේ ලකුණු 6/1 ක් ලෙසිනි. ස්වියාටෙක් හමුවේ පරාජය වූ සොෆියා මේ වසරේදී ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවයි.

“කාන්තා ‍ටෙනිස් ක්‍රීඩාවේදී දුර්වල ක්‍රීඩිකාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගැනීම සිදුවිය යුතුව තිබූ දෙයක්. මේ වන විට මම ඒ ගැන පිස්සු වැටිලයි ඉන්නෙ.” යැයි සිය පළමු විදෙස් ශුරතාව දිනාගත් ස්වියාටෙක් කියා සිටියාය.

“මම දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒක මට ලොකු දෙයක්, මීට වසර දෙකකට පෙර මම විම්බල්ඩන් ශූරතාවලියේ කනිෂ්ඨ ශූරතාවක් දිනා ගත්තා. දැන් මම ප්‍රංශ විවෘත ශූරියක්. ‍එය බොහොම කෙටි කාලයක් වගෙයි මට දැනෙන්නෙ.” යැයිද ඇය පැවසුවාය.

1992 වසරේදී පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගත් ඇමරිකානු ක්‍රීඩිකා මොනිකා සෙලස් එම ශූරතාව දිනාගත් ලාබාලතම ක්‍රීඩිකාව බවට පත්වූවාය. ඒ වන විට ඇය 18 වැනි වියේ පසුවූවාය. ඇයට පෙර එම වාර්තාවට හිමිකම් කියා තිබුණේ ඊවා මජෝලිය. ඒ  1997 වසරේදීය.

“සෑම වසරකම රෆායෙල් නඩාල් කුසලානය ඔසවන ආකාරය මම දැකලා තියෙනවා. ඒ දැන් මමත් එම ස්ථානයේම ඉන්න නිසා මට නිකන් පිස්සු වගේ.” යැයි 2007 වසරේදී ජස්ටින් හෙනින්ගෙන් පසුව එක් තරග වටයක් හෝ පරාජය නොවීම ප්‍රංශ විවෘත ශූරතාව දිනාගත් ස්වියාටෙක් පැවසුවාය.

-036


අදහස් (0)

පෙරළිකාර ස්වියාටෙක් ප්‍රංශ විවෘත ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.