Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පීතරයෝ මහනුවරදී දිනති

පීතරයෝ මහනුවරදී දිනති

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගයේ පළමු භාගය විශිෂ්ට ගෝල දෙකකින් අලංකාර කළ ශාන්ත පීතර ක්‍රීඩකයෝ අන්තර් පාසල් පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ අද (09 වැනිදා) පැවැති තරගයකදී මහනුවර කිංග්ස්වුඞ් විදුහල් පිලට එරෙහිව ලකුණු 14-7 ක ජයක් ලබාගත්හ.

තරගාවලියේ පළමු තරගයේදී සාන්ත තෝමස් පිල හමුවේ ලකුණු 20-19 ක සියුම් පරාජයක් ලද නමුත් දෙවැනි තරගයේදී දුර්වලකම් අකාමකා දමා පීතරයෝ තරගයට පිවිසියහ.

නිත්තවෙල පිටියේ දී අද පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ශාන්ත පීතර පිල ලකුණු 14-0 කින් පෙරමුණ ගෙන සිටියේය.

කන්ද උඩරටට පැමිණි ආගන්තුකයන් හමුවේ හිස් එසැවීමේ අදිටනින් ක්‍රීඩාකළ කිංග්ස්වුඞ් ක්‍රීඩකයෝ දෙවැනි භාගයේදී ගෝලයක් වාර්තා කිරීමට සමත් වූහ. එහෙත් ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වූයේ නැත. කෙසේ වෙතත් දෙවැනි භාගයේදී සිය ආරක්ෂක වළල්ල ශක්තිමත් කරගනිමින් ශාන්ත පීතර විදුහල් පිලට තිබූ ලකුණු රැස් කිරිමේ මං අහුරා දැමීමට නම් කිංග්ස්වුඞ් ක්‍රීඩකයෝ සමත්වූහ.

 


අදහස් (0)

පීතරයෝ මහනුවරදී දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.