Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පිරිමි කාණ්ඩයේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

පිරිමි කාණ්ඩයේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2019 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටවල් 23 ක් පරාජය කරමින් ලෝක කුසලාන කැරම් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායමට, ජාත්‍යන්තර කැරම් සම්මේලන කුසලාන ශූරතාවලියේදී ඉන්දියාව හමුවේ තරග 3-0 ක් ලෙස පරාජයට පත්වීම නිසා අනු ශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. ලෝක කුසලාන කැරම් තරගාවලියේදී අනු ශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙම ශූරතාවලියේදී තෙවැනි ස්ථානය හිමිවිය.

ඉන්දීය කැරම් සම්මේලනය සංවිධානය කළ මෙම ජාත්‍යන්තර කැරම් සම්මේලන කුසලාන ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16 ක තරගකරුවන් 100 දෙනෙක් සහභාගී වූහ. මෙවර මෙම ශූරතාවලියේ පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම් යන ඉසව්වල ශූරතා මෙන්ම “ස්විස් ලීග්” ලෝක කැරම් ශූරතාවද දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු, අනු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය දැරූ අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඞ් හිල්මි, ශ්‍රී ලංකා යුද හමුදාවේ අනස් අහමඞ්, සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ දිනෙත් දුලක්ෂණද එම කණ්ඩායමට ඇතුළත් වූහ.

බංග්ලාදේශය පරාජය කරමින් තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොෂිටා නායකත්වය ලබාදුන් අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ෂානි, එම්.චිත්‍රාදේවී, රෙබෙකා ඩැල්රින් යන ක්‍රීඩිකාවෝ එහි සෙසු සාමාජිකාවෝ  වූහ. ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ උප සභාපති සුසන්ත ප්‍රනාන්දු සහ උප ලේකම් කරුණාරත්න ජයසිංහ යන මහත්වරුද නිලධාරීන් ලෙස මෙම සංචාරයට එක් වූහ.

මෙම ශූරතාවලියෙන් අනතුරුවද ජාත්‍යන්තර කැරම් ශේණිගත කිරීම්හි පළමු දසදෙනා අතර රැඳී සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත්දෙනෙකු සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. ඒ අනුව නිශාන්ත ප්‍රනාන්දු ජාත්‍යන්තර කැරම් ශේණිගත කිරීම්හි හයවැනි ස්ථානයත්, ෂහීඞ් හිල්මි හත්වැනි ස්ථානයත්, අනස් අහමඞ් දහවැනි ස්ථානයත් හිමිකරගෙ සිටිති. කාන්තා ශේණිගත කිරීම්හි පස්වැනි ස්ථානය රෙබෙකා ඩැල්රින්ටද, හයවැනි ස්ථානය මධුකා දිල්ෂානිද, අටවැනි ස්ථානය ජෝශප් රොෂිටාටද, නමවැනි ස්ථානය එම්. චිත්‍රාදේවිටද හිමිව තිබේ.

තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත්දා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී ඔවුන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ නිළධාරීන් සහ ශ්‍රී ලංකා කැරම් සම්මේලන නිළධාරීන් පිරිසක් පැමිණ සිටියහ. එම අවස්ථාවට ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ උප සභාපති රවී වික්‍රමසිංහ, ප්‍රධාන ලේකම් දයා විදානගම, තරග ලේකම් අමිතා වික්‍රමසිංහ, ජාතික කැරම් තේරීම් කමිටු නිළධාරී සුනන්ද කෝදාගොඩ යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.


 

-036

 


අදහස් (0)

පිරිමි කාණ්ඩයේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.