Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් රග්බි තරග 6 ක් අද

පාසල් රග්බි තරග 6 ක් අද

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ පළමු කාණ්ඩයේ පස්වැනි සතියේ තරග හයම හෙට (30) පැවැත්වේ.

මෙම තරගවලින් හතරක් කොළඹදී ද, තරග දෙකක් මහනුවරදී ද, පැවැත්වේ.

පළමු කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම වන රාජකීය විදුහල් පිල එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසු වන ශාන්ත පීතර විදුහලට එරෙහිව බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් රග්බි පිටියේදී තරග කිරීමට නියමිතය.
අපරාජිතව දෙවැනි කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථානවල පසු වන ශාන්ත ජෝශප් විදුහල සහ ඉසිපතන විදුහල අතර තරගය හැව්ලොක්ස් පිටියේදී අද පැවැත්වේ.


සති අන්තයෙ තරග කාලසටහන - සියලු තරග අද (30) පස්වරු 4.00 ට ආරම්භ වේ

● ත්‍රිත්ව විදුහල සහ විද්‍යා විද්‍යාලය අතර පල්ලෙකැලේ රග්බි පිටියේදී
● ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහල අතර බම්බලපිටියේදී
● ශාන්ත ජෝශප් විදුහල සහ ඉසිපතන විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී
● සාන්ත තෝමස් විදුහල සහ වෙස්ලි විදුහල අතර ගල්කිස්සේදී
● කිංග්ස්වුඞ් විදුහල සහ මලියදේව විදුහල අතර නිත්තවෙල පිටියේදී
● සහිරා විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර මරදානේදී

 


අදහස් (0)

පාසල් රග්බි තරග 6 ක් අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.