Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි ක්‍රීඩකයන් දෙදෙනාම යළි කැඳවයි

පාපැදි ක්‍රීඩකයන් දෙදෙනාම යළි කැඳවයි

යොහාන් භාසුර - 2019 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක්‍රීඩා උළෙලේදී කළේ යැයි කියන දූෂිත ක්‍රියාවකට සම්බන්ධ යැයි පරීක්‍ෂණයක් පැවැත්වීම හේතුවෙන් ඉන්දියාවේ ආරාධිත මවුන්ටන් පාපැදි තරගයකට සහභාගි වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිව නොමැතිව පිටත්ව ගිය ක්‍රීඩකයන් දෙදෙනකු නැවත කැඳවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන මෙම ක්‍රීඩකයන් දෙදෙනා පසුගිය 19 වැනිදා ඉන්දියාවට පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා ඉන්දියාව බලා පිටත්ව යෑමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් අනුමැතිය ඉල්ලා ඇති අතර එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය දීම ප්‍රතික්ෂේප කර තිබේ.  

ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියෙන් තොරව මෙම සංචාරයට සහභාගි වී ඇති බවට ගුවන් හමුදාව දැනුවත්වීමෙන් පසුව තරගයට සහභාගි වීමට පෙර එම ක්‍රීඩකයන් නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.


අදහස් (0)

පාපැදි ක්‍රීඩකයන් දෙදෙනාම යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.