Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප්‍රංශ විවෘත තරගාවලියෙන් සෙරීනා ඉවත් වෙයි

ප්‍රංශ විවෘත තරගාවලියෙන් සෙරීනා ඉවත් වෙයි

editorial - 2020 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


විසි හතර (24) වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹායන සෙරීනා විලියම්ස්ට පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රංශ විවෘත තරගාවලියෙන්ද ඉවත් වීමට සිදුවිය. සෙරීනා තරගාවලියෙන් ඉවත් වූ නමුත් 12 වතාවක් ප්‍රංශ විවෘත ශූරතාව දිනා සිටින රෆායෙල් නඩාල් සහ ක්‍රීඩිකාවන් අතරේ ඉදිරියෙන්ම සිටින සිමෝනා හැලෙප් තරගාවලියේ තෙවැනි වටයට පිවිසියහ.

මේ වන විට 39 හැවිරිදි එක්දරු මවක වන සෙරීනා විලියම්ස්, තුන් වතාවක්ම ප්‍රංශ විවෘත ශූරතාව දිනාගත් ක්‍රීඩිකාවකි. ඇය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා මාග්‍රට් කෝට්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 වාර්තාව හඹා යමින් සිටින්නීය. මේ දක්වා සෙරීනා විසින් දිනාගන්නා ලද ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 23 කි.

“එක්සත් ජනපද විවෘත තරගයෙන් පසුව මගේ විලුඹ ආශ්‍රීත ආබාධය සුව වීමට ප්‍රමාණවත් කාලයක් ලැබුණේ නෑ.” යයි විලියම්ස් පැවසුවාය. පසුගිය සතියේ නිව්යෝර්ක් නුවරදී නිමාවූ එක්සත් ජනපද විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව තමා සම්පූර්ණ සුවය නොලැබූ බවද ඇය පැවසුවාය.

"මම ඇවිදින්නේ අසීරුවෙන්. ඒ නිසා මම සුවය ලබා ගැනීමට උත්සාහ කරන්න ඕනේ" යයිද ඇය කීවාය.

මෙම තත්ත්වය අනුව ඇයට 2020 ඉතිරි තරග කාලය මග හැරෙනු ඇත. අසහාය ක්‍රීඩිකා  මාග්‍රට් කෝට්ගේ  ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 වාර්තාවට සමාන වීමේ ඊළඟ අවස්ථාව සෙරීනාට ලැබෙන්නේ 2021 දී ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදීය.

"මට සති හතරක් හෝ හයක් කිසිවක් නොකර වාඩි වී සිටීමට අවශ්‍යයි" ඇය කීවාය. "මම මේ වසරේ වෙනත් තරඟාවලියකට ක්‍රීඩා කරන්නේ නෑ." යයිද ඇය කීවාය.

මෙම තරගාවලියෙන් ඉවත් වීමට ඇය ගත් තීරණය සමගින් 2017 ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් පසුව ඇයට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගැනිමට තිබූ අවස්ථාව අහිමි වී තිබේ.

"විලුඹේ කණ්ඩරාවක් ඇදීම සෙල්ලම් කිරීමට තරම් හොඳ දෙයක් නෙමේ..එය තරමක බරපතළ ආබාධයක්. නරක අතට හැරුණොත් එයින් වෙන හානිය වැඩියි" යයිද සෙරීනා කියන්නීය.

 

- 213

 


අදහස් (0)

ප්‍රංශ විවෘත තරගාවලියෙන් සෙරීනා ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.