Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නොහොබිනාකම ගැන පරීක්‍ෂණයක්

නොහොබිනාකම ගැන පරීක්‍ෂණයක්

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහිදී පැවැති ආසියානු වයස 19 න් පහළ රග්බි තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල නියෝජනය කළ කොළඹ ප්‍රධාන පාසලක ක්‍රීඩකයකුගේ විනය විරෝධි හැසිරීම සම්බන්ධයෙන් අනිද්දා (26) පස්වරුවේ පරීක්‍ෂණයක් පවත්වන බව පාසල් රග්බි සංගමයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 

මෙම ක්‍රීඩකයා තරගාවලිය අතරතුරදී නවාතැන් ගෙන සිටි හෝටලයේදී විනය විරෝධී ක්‍රියාවකට හසුවීම හේතුවෙන් ඔහු වාහාම තරගාවලියෙන් ඉවත් කරන ලෙස ආසියානු රග්බි සංගමය ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ. ඔහු වහාම ශ්‍රී ලංකාවට එවීමට ගුවන් ප්‍රවේශපත් වෙන්කරගැනීමේ අපහසුව හේතුවෙන් ඔහුව වෙනත් හෝටලයකට මාරුකර යවා තිබේ. 

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දකුණු කොරියානු පිලට එරෙහිව තරගයට මෙම ක්‍රීඩකයා නොමැතිව සහභාගි විය. 

පාසල් රග්බි සංගමයේ නිලධාරියා පැවසුවේ එම ක්‍රීඩකයා මේ වන විට පාසල් වයස පසු කර ඇති බැවින් මේ පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමයද පියවරක් ගතයුතු බවයි. 

“යොවුන් කණ්ඩායමේ කළමනාකාරවරයා මේ වන විට කොළඹින් පිටත ඉන්නේ ඔහු හෙට කොළඹට එයි. ඒ නිසා අපි පරීක්‍ෂණය 26 වැනිදා පස්වරුවේ පැවැත්වීමට තීරණය කළා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.   

 


අදහස් (0)

නොහොබිනාකම ගැන පරීක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.