Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නරඹන්නන් 500 කට ටෙනිස් බලන්න අවසර

නරඹන්නන් 500 කට ටෙනිස් බලන්න අවසර

editorial - 2020 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවතම මිශ්‍ර යුගල වෘත්තීය ටෙනිස් තරගාවලියක් වන ලෝක කණ්ඩායම් ටෙනිස් තරගාවලිය ජූලි 5 වනදා සිට ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ ග්‍රීන්බියර් හිදී ආරම්භ වෙයි. සති තුනක කාලයක් පැවැත්වෙන මෙම තරගාවලිය  තුළ රසිකයින් 500 කට පමණ තරඟ නැරඹීම සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දෙන බව තරග සංවිධායකයෝ ප්‍රකාශ කළහ.

කොරෝනා වසංගතය මධ්‍යයේ තම ක්‍රීඩකයන්ගේ, පුහුණුකරුවන්ගේ සහ අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම සහතික කිරීම සඳහා බලධාරීන්ට අවශ්‍ය සියලුම සෞඛ්‍ය සහ ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිපැදීමටද  මෙම ටෙනිස් තරගාවලියේ සංවිධායකයෝ නිර්දේශ කර සිටිති. ඕස්ටේ්‍රලියානු විවෘත තරගාවලියේ ශූරියක වන  සොෆියා කෙනින් සහ තවත් ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරයෙකු වන ස්ලෝන් ස්ටීවන්ස් මෙම තරගාවලියට සහභාගී වීමට සූදානම් වන අතර එය තරග 63 ක නිත්‍ය තරගවාරයකින් සමන්විත වේ.

ග්‍රීන්බියර් හි ආසන 2,500 ක එළිමහන් ක්‍රීඩාංගනයේ දිනකට අවම වශයෙන් තරඟ තුනක්වත් පැවැත්වීමට වර්ල්ඞ් ටීම් ටෙනිස් තරගාවලි සංවිධායකයෝ සැලසුම් කරති. ඊට අමතරව ගෘහස්ථ ක්‍රීඩාංගණයක්ද ස්ථාපනය කෙරේ.

“අපගේ ක්‍රීඩකයින්ගේ ප්‍රතිචාරය නම් ඔවුන්ට වර්ල්ඞ් ටීම් ටෙනිස් තරගාවලිය ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව සහ  ආරක්ෂිත පරිසරයක් තුළ ක්‍රීඩා කිරීමට පහසු බවයි. අපගේ අංක එකේ ප්‍රමුඛතාවය මෙයයි” යයි වර්ල්ඞ් ටීම් ටෙනිස් තරගාවලියෙහි ප්‍රධාන විධායක නිලධාරී කාලෝස් සිල්වා මහතා පැවසීය.

ත්‍යාග මුදල ඩොලර් මිලියන 5 ක් දක්වා ඉහළ නංවන බවත්, අවසන් තරගවල ප්‍රතිඵලය අනුව ඩොලර් මිලියන 1 ක අමතර මුදලක් ප්‍රදානය කරන බවත් වර්ල්ඞ් ටීම් ටෙනිස් තරගාවලි සංවිධායකයෝ පැවසූහ. සියලුම තරඟ කොලොම්බියා ගුවන්විදුලි පද්ධතිය, කොලොම්බියා ගුවන්විදුලි පද්ධති ක්‍රීඩා ජාලය, ටෙනිස් චැනල් සහ ඊ.එස්.පී.එන් ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිත බව තරග සංවිධායකයෝ පවසති.

නව කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ටෙනිස් හි ඉහළම වෘත්තීය තරගාවලිය වන පිරිමි ටෙනිස් වෘත්තිකයන්ගේ සංගම් තරගාවලිය සහ කාන්තා ටෙනිස් සංගම් තරගාවලිය මාර්තු 8 සිට නවතා දමා ඇත. එක්සත් ජනපදයේ සහ ජර්මනියේ තරඟාවලි දැඩි සමාජ දුරස්ථ පියවරයන් සමඟ සිදු කර ඇති අතර එයට රසිකයන් පැමිණ නැත.

නවසීලන්තය ජුනි 3 සිට දේශීය ක්‍රීඩකයින් සඳහා කණ්ඩායම් පාදක කරගනිමින් ටෙනිස් තරගාවලියක් පවත්වනු ඇති අතර ලෝක අංක එකේ ක්‍රීඩක නොවැක් ජොකොවික් ජුනි 13 සිට ජූලි 5 දක්වා බෝල්කන් කලාපය වෙනුවෙන් තරඟාවලියක් සංවිධානය කර තිබේ.

- 2079


අදහස් (0)

නරඹන්නන් 500 කට ටෙනිස් බලන්න අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.