Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නයෝමි ඔසාකා එක්සත් ජනපද විවෘත ශූරතාව දිනාගනී

නයෝමි ඔසාකා එක්සත් ජනපද විවෘත ශූරතාව දිනාගනී

editorial - 2020 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් ජනපද විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමට ජපානයේ නයෝමි ඔසාකා සමත් වූවාය. එය ඇයගේ තුන්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව වන අතර නැගෙණහිර යුරෝපා රටක් වන බෙලරුස් රාජ්‍යයේ  ක්‍රීඩිකා වික්ටෝරියා අසරෙන්කා පරාජය කරමින් නයෝමි ඔසාකා මෙවර එක්සත් ජනපද විවෘත ශූරතාව දිනාගත්තාය. 

තවමත් 22 හැවිරිදි ක්‍රීඩිකාවක වන ඔසාකා අවසන් මහ තරගයේදී ලකුණු 1-6, 6-3 සහ 6-3 ක් ලෙස වික්ටෝරියා අසරෙන්කා පරාජය කිරීමට සමත් වූවාය. පැයකුත් මිනිත්තු 53 ක තරගයකින් පසුව ඩොලර් මිලියන 3 ක ත්‍යාග මුදලක් හිමිකරගත්  ඔසාකා පැවසූවේ එය අසීරු තරගයක් වූ බවයි. 

වසර 2018 එක්සත් ජනපද විවෘත ශූරතාව දිනාගත් ඔසාකා 2019 ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ ජයග්‍රහණයද අත්කරගත්තාය. මෙවර ලබාගත් ජයග්‍රහණය ඇයගේ තුන්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණයයි. 

31 හැවිරිදි අසරෙන්කා පළමු තරග වටය  මිනිත්තු 26 ක් වැනි කෙටි කාලයක් තුළදී නිමා කළාය.  දෙවන වටයේදීත් අසරෙන්කා 2-0 ක් ලෙස ඉදිරියට පැමිණි නමුත් ඔසාකා සිය ප්‍රතිවාදිනියගේ පන්දුව පිරිනැමීම දෙවරක්ම බිඳ දමා 4-3 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූවාය. මෙම අවස්ථාවේදී තරගයේ වාසිය ඔසාකා වෙත වේගයෙන් තල්ලු වී ගියේ ජපන් ක්‍රීඩිකාව සතු නොසැලෙන ආත්ම ධෛර්යය හේතුවෙනි. 

"පැයක් ඇතුළත තරගය අහිමි වීම ඉතා ලැජ්ජාවට කරුණක් වනු ඇතැයි මා සිතුවා. ඒ නිසා මට හැකි තරම් වැර යොදා තරගය අනෙක් පැත්ත හරවන්න උත්සාහ කළා" යනුවෙන් තරගයෙන් පසුව ඔසාකා පැවසුවාය. 

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් නරඹන්නන් නොමැතිව පැවැති මෙම තරගය පියවි ඇසින් නැරඹූයේ තරග නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ උත්සව කාර්ය මණ්ඩලය පමණි. 

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා තුනක් දිනාගත් පළමු ආසියානු ක්‍රීඩිකාව බවට පත්වූ ඔසාකා අප්‍රිකානු සම්භවයක් ඇති 12 හැවිරිදි ඇමරිකානු පිරිමි ළමයෙකු වන තමීර් රයිස්ගේ වෙස්මුහුණක් පැළඳ තරගයට පිවිසියාය. ඒ කළු ජාතිකයන්ට වන හිරිහැර වෙනුවෙන් විරෝධය පළකිරීමක් වශයෙනි.  තමීර් රයිස් වසර 2014 දී පොලිස් වෙඩි පහරින් මියගිය ළමයෙකි. 

ඔසාකා ජපන් ක්‍රීඩිකාවක් වන නමුත් හයිටි සම්භවයක් ඇති ක්‍රීඩිකාවකි. 

- 213


අදහස් (0)

නයෝමි ඔසාකා එක්සත් ජනපද විවෘත ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.