Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිර්මල-රොහාන්-හංසනී ද්විත්ව ජයග්‍රහණ ලබති

නිර්මල-රොහාන්-හංසනී ද්විත්ව ජයග්‍රහණ ලබති

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මේසපන්දු පිරිමි කේවල සහ කාන්තා කේවල ඉසව්වල මූලික වටවලදී ජයග්‍රහණ දෙක බැගින් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවේ නිර්මල ජයසිංහ, රොහාන් සිරිසේන සහ හංසනී පියුමිලා සමත් වූහ. 

පිරිමි කේවල ඉසව්වේ 10 වැනි කාණ්ඩය යටතේ තරග වැදුණ නිර්මල ජයසිංහ, ශාන්ත කයිට්ස් සහ නෙවීස් දූපත්හි ක්‍රීඩකයා සහ ජැමෙයිකානු ක්‍රීඩකයා පරදවමින් එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. 15 වැනි කාණ්ඩය යටතේ තරග වැඳුණ සහ රොහාන් සිරිසේන, එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූයේ බහමාස් සහ වනුවාටු ක්‍රීඩකයන් පරාජය කරමිනි. 

කාන්තා කේවල ඉසව්වේ 10 වැනි කාණ්ඩය යටතේ තරග වැඳුණ හංසනී පියුමිලා, පාකිස්තාන සහ කැනඩා ක්‍රීඩිකාවන් පරාජය කරමින් එම කාණ්ඩයේ පෙරමුණ අත්කර ගත්තාය.

පිරිමි කේවල ඉසව්වට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ උදය රණසිංහ මූලික වටයේදී එක් තරගයක් ජයගනිමින් එක් තරගයක් පරාජයට පත් විය. කාන්තා කේවල ඉසව්වට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වූ එරන්දි වරුසවිතාන සහ ඉෂාරා මධුරංගිද එහිදී එක් තරගය බැගින් ජයගනිමින් එක් තරගය බැගින් පරාජයට පත්වූහ.

කාන්තා කේවල තරග ප්‍රතිඵල

3 වැනි කාණ්ඩය  

  • එරන්දි වරුසවිතාන (ශ්‍රී ලංකාව) විසින් වට 4-0 ක් ලෙස සින්තියා ක්වාබි (ගයානාව) පරාජය කරන ලදි. (11/8, 11/8, 11/4, 11/5)
  • රියෑන් චුන්ග් (ටි්‍රනිඩෑඞ් සහ ටොබේගෝ) විසින් වට 4-0 ක් ලෙස එරන්දි වරුසවිතාන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/8, 11/3, 11/4, 11/7) 

7 වැනි කාණ්ඩය 

  • ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) විසින් වට 4-1 ක් ලෙස රුක්‍ය කිනෝ (මුරුසිය) පරාජය කරන ලදි. (11/3, 9/11, 12/10, 11/7, 11/8) 
  • ඩෙනිස් පැයෙට් (එංගලන්තය) විසින් වට 4-1 ක් ලෙස ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/6, 14/12, 9/11, 11/8, 11/6) 

10 වැනි කාණ්ඩය 

  • හංසනී පියුමිලා (ශ්‍රී ලංකාව) විසින් වට 4-0 ක් ලෙස හරීම් අන්වර් අලී (පාකිස්තානය) පරාජය කරන ලදි. (11/3, 11/3, 11/6, 11/8) 
  • හංසනී පියුමිලා (ශ්‍රී ලංකාව) විසින් වට 4-1 ක් ලෙස ජස්ටිනා යෙවුන්ග් (කැනඩාව) පරාජය කරන ලදි. (11/7, 11/5, 7/11, 11/9, 11/8) 

පිරිමි කේවල තරග ප්‍රතිඵල
10 වැනි කාණ්ඩය 

  • නිර්මල ජයසිංහ (ශ්‍රී ලංකාව) විසින් වට 4-0 ක් ලෙස ශක්කුවාන් හොඞ්ජ් (ශාන්ත කයිට්ස් සහ නෙවීස් දූපත්) පරාජය කරන ලදි. (11/3, 11/1, 11/3, 11/2) 
  • නිර්මල ජයසිංහ (ශ්‍රී ලංකාව) විසින් වට 4-3 ක් ලෙස සයිමන් ටොම්ලින්සන් (ජැමෙයිකාව) පරාජය කරන ලදි. (10/12, 11/4, 11/6, 9/11, 5/11, 11/9, 11/9) 

12 වැනි කාණ්ඩය 

  • උදය රණසිංහ (ශ්‍රී ලංකාව) විසින් වට 4-0 ක් ලෙස ශක්කුවාන් හොඞ්ජ් (ශාන්ත විනිසන්ට් සහ ග්‍රෙනෙඩයින්ස් දූපත්) පරාජය කරන ලදි. (11/1, 11/2, 11/5, 11/4) 
  • ඔවෙන් කැත්කාර්ට් (උතුරු අයර්ලන්තය) විසින් වට 4-3 ක් ලෙස උදය රණසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (8/11, 11/8, 11/6, 6/11, 11/8, 5/11, 11/4) 

15 වැනි කාණ්ඩය 

  • රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් වට 4-0 ක් ලෙස ඇඩි්‍රයන් රෝලින්ස් (බහමාස්) පරාජය කරන ලදි. (11/3, 11/2, 11/4, 11/6) 
  • රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් වට 4-0 ක් ලෙස හාම් ලූලූ  (වනුවාටු) පරාජය කරන ලදි. (11/3, 11/2, 11/4, 11/6) 

- 036


අදහස් (0)

නිර්මල-රොහාන්-හංසනී ද්විත්ව ජයග්‍රහණ ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.