Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දීපිකා කි.ග්‍රෑ. 53 බර පංතියේ සිවුවැනි තැනට

දීපිකා කි.ග්‍රෑ. 53 බර පංතියේ සිවුවැනි තැනට

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මල්ලවපොර ඉසව්වේ කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ තරග වැඳුණ ශ්‍රී ලංකාවේ දීපිකා දිල්හානිට එම බර පංතියේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය. 


එම බර පංතියට ක්‍රීඩිකාවන් 5 දෙනෙක් පමණක් ඇතුළත් වීම නිසා ඔවුන් 5 දෙනා අතර ලීග් ක්‍රමයට අනුව තරග පවත්වා වැඩිම තරග ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩිකාවන්ට රන් පදක්කම පිරිනැමිණ. සෙසු ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණ සංඛ්‍යාව අනුව ඔවුන්ද ශ්‍රේණිගත කෙරුණ අතර එම ශ්‍රේණිගත කිරීමවලට අනුව දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් ක්‍රීඩිකාවෝ රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකරගත්හ. 


ලීග් ක්‍රමයට අනුව තරග වැදීමේදී දීපිකාට අත්කරගත හැකි වූයේ එක් ජයග්‍රහණයක් පමණි. එහිදී ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාව පරාජය කළ දීපිකා, ඉන්දීය, කැනේඩියානු, නයජීරියා ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත් වූවාය. අවසානයේදී එම බර පංතියේ ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමට අනුව දීපිකාට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි. 


කිලෝ ග්‍රෑම් 57 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ දිවෝෂාන් ප්‍රනාන්දු, මූලික වටයේදී ස්කොට්ලන්ත ක්‍රීඩකයා පරාජය කිරීමට සමත් වූ නමුත්, අර්ධ අවසන් පූර්ව වටයේදී පාකිස්තාන ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවතට විසිවිය. 


කිලෝ ග්‍රෑම් 74 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ සුරේෂ් ප්‍රනාන්දු එහි මූලික වටයේදීම වේල්ස ක්‍රීඩකයා හමුවේ පරාජය වීම නිසා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත නොහැකි විය. 


කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පංතිය 

දීපිකා දිල්හානි (ශ්‍රී ලංකාව) විසින් ලකුණු 10-2 ක් ලෙස කැරීසා හෝලන්ඞ් (ඕස්ටේ්‍රලියාව) පරාජය කරන ලදි. 

බබීතා කුමාරි (ඉන්දියාව) විසින් ලකුණු 4-0 ක් ලෙස දීපිකා දිල්හානි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. 

ඩයනා වීකර් (කැනඩාව) විසින් ලකුණු 10-0 ක් ලෙස දීපිකා දිල්හානි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. 

බෝස් සැමුවෙල් (නයිජීරියාව) විසින් ලකුණු 10-0 ක් ලෙස දීපිකා දිල්හානි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. 

 

පිරිමි කිලෝ ග්‍රෑම් 57 බර පංතිය (පෙර අර්ධ අවසන් පූර්ව වටය)

දිවෝෂාන් ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) විසින් ලකුණු 12-6 ක් ලෙස රොස් කොනෙලි (ස්කොට්ලන්තය) පරාජය කරන ලදි. 

පිරිමි කිලෝ ග්‍රෑම් 57 බර පංතිය (අර්ධ අවසන් පූර්ව වටය)

මුහම්මද් බිලිල් (පාකිස්තානය) විසින් ලකුණු 12-2 ක් ලෙස දිවෝෂාන් ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. 

පිරිමි කිලෝ ග්‍රෑම් 74 බර පංතිය (පෙර අර්ධ අවසන් පූර්ව වටය)

කර්ටිස් ඩොජ් (වේල්සය) විසින් ලකුණු 6-0 ක් ලෙස සුරේෂ් ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. 

-036 


අදහස් (0)

දීපිකා කි.ග්‍රෑ. 53 බර පංතියේ සිවුවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.