Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඞ්කෝස්ට් නුවරදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ දිනූක කරුණාරත්න සමත් විය.
තරගාවලියේ අටවැනි දිනය වූ අද (12 වැනිදා) පැවැති එම ඉසව්වේ තෙවැනි වටයේ තරගකදී වට 2-0 ක් ලෙස මුරුසියේ ජෝජ් ජූලියන් පරාජය කරමින් දිනූක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. අදම පැවැති එම ඉසව්වේ තෙවැනි වටයේ තරගවලට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වූ බුවනෙක ගුණතිලක සහ නිලූක කරුණාරත්න සිංගප්පූරු සහ ඉන්දීය ක්‍රීඩකයන් හමුවේ පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
කවිඳි සිරිමාන්නගේ සහ තිළිණි හෙන්ඳහේවා දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින්ද, හසිනි අම්බලන්ගොඩ සහ මධුෂිකා දිල්රුක්ෂි මුරුසි කණ්ඩායම පරාජය කරමින්ද කාන්තා යුගළ ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් පිරිමි යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි වටයේදී ජර්සි කණ්ඩායම පරාජය කරමිනි.
මිශ්‍ර යුගල ඉසව්වේ තෙවැනි වටයේදී ඉතා තියුණු තරගයකින් අනතුරුව සිංගප්පූරු කණ්ඩායම පරාජය කළ සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවාද එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
කාන්තා මල්ලවපොර ඉසව්වේ කිලෝ ග්‍රෑම් 53 බර පංතිය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ දීපිකා දිල්හානිට එම බර පංතියේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය.
එම බර පංතියට ක්‍රීඩිකාවන් 5 දෙනෙක් පමණක් ඇතුළත් වීම නිසා ඔවුන් 5 දෙනා අතර ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්විණ. එහිදී දීපිකාට අත්කරගත හැකි වූයේ එක් ජයග්‍රහණයක් පමණි. ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාව පරාජය කළ දීපිකා, ඉන්දීය, කැනේඩියානු, නයිජීරියා ක්‍රීඩිකාවන් හමුවේ පරාජයට පත් වූවාය. ඒ අනුව එම බර පංතියේ ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමට අනුව දීපිකාට හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.
කිලෝ ග්‍රෑම් 57 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ දිවෝෂාන් ප්‍රනාන්දු, මූලික වටයේදී ස්කොට්ලන්ත ක්‍රීඩකයා පරාජය කිරීමට සමත් වූ නමුත්, අර්ධ අවසන් පූර්ව වටයේදී පාකිස්තාන ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්වීම නිසා තරගාවලියෙන් ඉවතට විසිවිය. කිලෝ ග්‍රෑම් 74 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ සුරේෂ් ප්‍රනාන්දු එහි මූලික වටයේදීම වේල්ස් ක්‍රීඩකයා හමුවේ පරාජය වීම නිසා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත නොහැකි විය.
රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ඇනා මේරි ඔන්ඩච්චි එහි 11 වැනි ස්ථානයට පත් වූවාය. අදියර හතරකින් සමන්විත වූ එම ඉසව්වේදී පිළිවෙලින් ලකුණු 11.800 ක්, 11.750 ක්, 10.400 ක් සහ 10.350 ක් බැගින් ලබාගැනීමට මේරි සමත් වූවාය. එහිදී ඇය ලබාගත් මුලු ලකුණු සංඛ්‍යාව 44.300 කි.
මේසපන්දු ඉසව්වේ පිරිමි යුගල මූලික සහ කාන්තා යුගල දෙවැනි වටයේ තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම එහිදී පරාජයට පත්විය. පිරිමි යුගල ඉසව්වේදී නිර්මල ජයසිංහ සහ උදය රණසිංහ ඉන්දීය කණ්ඩායමක් හමුවේ පරාජයට පත්වූ අතර කාන්තා යුගල ඉසව්වේදී හංසිනී පියුමිලා සහ ඉෂාරා මධුරංගි පරාජයට පත්වූයේද ඉන්දීය කණ්ඩයමක් හමුවේමය.
මීටර් 800 දිවීමේ ඉසව්වේ මූලික වටයේ තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනිමට අපොහොසත් වූහ.
මූලික වටයේදී පළමු තරගයට සහභාගි වූ ගයන්තිකා මිනිත්තු 2:04.72 ක කාලයක් වාර්තා කරමින් එහි 8 වැනි ස්ථානයට පත් වූ අතර තෙවැනි තරගයට සහභාගි වූ නිමාලි මිනිත්තු 2:08.52 ක කාලයක් වාර්තා කරමින් එහි 7 වැනි ස්ථානයට පත් වූවාය.
මූලික වටයට සහභාගි වූ ක්‍රීඩිකාවන් 26 දෙනා අතර ගයන්තිකාට හිමි වූයේ 20 වැනි ස්ථානයයි. නිමාලි එහි 22 වැනි ස්ථානයට පත් වූවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.