Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තෙවැනි අදියරේ බාලිකා ශූරතාව අංජලිකාට

තෙවැනි අදියරේ බාලිකා ශූරතාව අංජලිකාට

ශානුක අරවින්ද - 2019 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාත්‍යන්තර කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ තෙවැනි අදියරේ බාලිකා ශූරතාව දිනාගැනීමට අංජලිකා කුරේරා සමත් වූවාය. ඒ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ඉන්දුනීසියාවේ ජෙසිකා ක්‍රිස්ටා පරාජය කරමිනි.

මූලික වටයේදී ඉන්දියාවේ රියා දගර්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමින් දෙවැනි වටයට පිවිසි අංජලිකා, එහිදී වට 2-0 ක ක් ලෙස එංගලන්තයේ සිරිනා වාස් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියාය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ඉන්දියාවේ චන්ද්‍රිකා ජෝෂිට එරෙහිව වට 2-1 ක ජයක් ලැබූ අංජලිකා, අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස චීන තායිපේ ක්‍රීඩිකා යා චීසූ පරාජයට පත් කළාය.

අන්තර් ජාතික ටෙනිස් සම්මේලනයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ සිවුවැනි අදියරේ තරග මේ මස 22 වැනිදා දක්වා පැවැත්වේ.

බාලිකා කේවල තරග ප්‍රතිඵල

මූලික වටය
 අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස රියා දගර් (ඉන්දියාව) පරාජය කරන ලදි. (6/2, 6/2)

දෙවැනි වටය
 අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස සිරිනා වාස් (එංගලන්තය) පරාජය කරන ලදි. (6/0, 6/2)

අර්ධ අවසන් පූර්ව වටය
 අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-1 ක් ලෙස චන්ද්‍රිකා ජෝෂි (ඉන්දියාව) පරාජය කරන ලදි. (7/5, 3/6, 12/10)

අවසන් පූර්ව වටය
 අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස යා චීසූ (චීන තායිපේ) පරාජය කරන ලදි. (6/3, 7/5)

අවසන් මහ තරගය
 අංජලිකා කුරේරා (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-0 ක් ලෙස ජෙසිකා ක්‍රිස්ටා (ඉන්දුනීසියාව) පරාජය කරන ලදි. (4/0, 5/3)


අදහස් (0)

තෙවැනි අදියරේ බාලිකා ශූරතාව අංජලිකාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.