Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තුවාලකරුවන්ගේ ලයිස්තුව දික්වෙයි

තුවාලකරුවන්ගේ ලයිස්තුව දික්වෙයි

රොෂාන් ගුණරත්න - 2019 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කිරීම සඳහා සළකා බැලීමට නියමිතව සිටි ක්‍රීඩකයෝ සිවුදෙනෙක් ආබාධයන්ට ලක්ව සිටිති. මෙම ක්‍රීඩකයන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවන බව තේරීම් කමිටු නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, තුන් ඉදිරියව් ක්‍රීඩකයන් වන අසේල ගුණරත්න සහ දසුන් ශානක මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර යන සිවුදෙනාම මේ වන විට විවිධ ශාරීරික ආබාධයන්ට ලක්ව තිබේ. දසුන් ශානක සහ අසේල ගුණරත්න ‘සුපිරි’ පළාත් තරගාවලියට ඇතුළත්ව සිටිය ද ආබාධ හේතුවෙන් ඉවත්වීමට සිදුවූ අතර දසුන් මස් පිඬු ආබාධයකට ලක්ව සිටියි. 

අසේල ගුණරත්න වසරකට අධික කාලයක සිට ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු ශල්‍යකර්මයකට ලක්විය.  කුසල් ජනිත්, දකුණු අප්‍රිකානු සංංචාරය අතරතුරදී කලව පසුපස මස් පිඬු ආබාධයකට ලක්වූ අතර ඔහුට මාස තුනක පමණ කාලයක් විවේක ගැනීමට සිදුවී තිබේ. 

ළහිරු කුමාර පාදයේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු මේ මස 20 වැනිදා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට සහභාගි වීමට නියමිතව සිටියි. 

ආබාධයන්ට ලක්ව සිටි වේග පන්දු යවන්නන් වන නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර පළාත් තරගාවලියට සහභාගි වන නමුත් එහිදී ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව වැඩි සැළකිල්ලක් යොමු කරන බව තේරීම් කමිටුව පවසයි.   

 


අදහස් (0)

තුවාලකරුවන්ගේ ලයිස්තුව දික්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.