Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තුන්කොන් තරගාවලිය 8 දා ඇරඹෙයි

තුන්කොන් තරගාවලිය 8 දා ඇරඹෙයි

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන තුන් කොන් ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලිය ලබන සඳුදා (8) කොළඹ සුගතදාස ගෘහස්ත පිටියේදී ආරම්භ වේ. 12 වැනි බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට මලයාසියාව හා කෙන්යාව සිය ජතික දැල්පන්දු සංචිත කණ්ඩායම් සහභාගි කරයි. 

සත්කාරක ශ්‍රී ලංකාව ජාතික දැල්පන්දු සංචිත කණ්ඩායම මෙන්ම ජාතික යොවුන් දැල්පන්දු සංචිත කණ්ඩායමද ඒ සඳහා සහභාගි කරවයි. 

මේ වසරේ ජුනි සහ ජූලි මාසවලදී එංගලන්තයේ හා ජපානයේදී පැවැත්වීමට නියමිත ලෝක දැල්පන්දු ශූරතා තරගාවලිය හා ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩාම් සඳහා පෙර පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කරන බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ටි්‍රක්සි නානායක්කාර මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

මේ වන විට දැල්පන්දු සම්මේලනය ජාතික දැල්පන්දු සංචිතය ක්‍රීඩිකාවන් 15 දෙනකු දක්වා අඩු කර තිබේ. ජාතික යොවුන් සංචිතය 20 දෙනකු දක්වා මේ වන විට අඩු කර තිබේ. 

ජාතික සංචිතය හා යොවුන් සංචිතය ක්‍රීඩිකාවන් 30 දෙනකු බැගින් කලින් ක්‍රියාත්මක විය. ඒ අතර ඒ හා බී ශ්‍රේණිවලට අයත් දැල්පන්දු විනිසුරුවරුන් සඳහා වන ශාරීරික යෝග්‍යතා (යෝ - යෝ) පරීක්ෂණය අනිද්දා (5) පෙරවරු 8.00ට සුගතදාස ගෘහස්ත පිටියේදී පැවැත්වීමට නියමිතය. තිලකා ජිනදාස මෙනවිය මෙහෙයවූ අන්තර් මාධ්‍ය පුහුණුකරු ප්‍රායෝගික පරීක්ෂණයක් නොබෝදා බණ්ඩාරගම ගෘහස්ත පිටියේදී පැවැත්වුණි. 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සහ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ හා කොළඹ ගුවන් හමුදා යන ගෘහස්ත ක්‍රීඩාංගණ තුනකදී ජාතික දැල්පන්දු සංචිතයේ හා ජතික යොවුන් දැල්පන්දු සංචිතයේ පුහුණුවීම් අඛණ්ඩව පවත්වාගෙන යන බව දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය පවසයි. 

නව ජාතික යොවුන් දැල්පන්දු පුහුණුකාරිණිය ලෙස බදුල්ල දිස්ත්‍රික් දැල්පන්දු පුහුණුකාරිනී  කුමාරි  ගමගේ මහත්මියට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ. ඇය කලක් සංවර්ධන සංචිත පුහුණුකාරිණියක් ලෙසත් කටයුතු කර තිබේ. 

2018 දී ආසියානු දැල්පන්දු තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනා ජාතික දැල්පන්දු සංචිතයට නිර්දේශ වී තිබේ. 

ජාතික දැල්පන්දු සංචිතය 
චතුරංගනී ජයසූරිය (රාජ්‍ය සේවා- ගුවන් හමුදාව), දර්ශිකා අබේවික්‍රම (රාජ්‍ය සේවා - ගුවන් හමුදා), තර්ජනී සිවලිංගම් (වෙළඳ සේවා - සෙලාන්), ගයනි දිසානායක (වෙළඳ සේවා - එච්.එන්.බී.),  හසංජලී කුමාරවංශ (වෙළෙඳ සේවා - එච්.එන්.බී), තිළිණි වත්තේගෙදර (රාජ්‍ය සේවා - ගුවන් හමුදාව), හසිතා මෙන්ඩිස් (රාජ්‍ය සේවා - ගුවන් හමුදාව), නවුචලි රාජපක්ෂ (ක්‍රීඩා අමාත්‍යංශය), සුරේඛා කුමාරි (රාජ්‍ය සේවා - ගුවන් හමුදාව), සුලක්ඛනා ධනංජි (රාජ්‍ය සේවා - නාවික හමුදාව), දුලංගි වන්නිතිලක (රාජ්‍ය සේවා - නාවික හමුදාව),   එලිලන්තිනි සෙකුකාවලර් (යාපනය), දීපිකා දර්ශනී (රාජ්‍ය සේවා - නාවික හමුදාව), ගයාත්‍රි කෞශල්‍යා (රාජ්‍ය සේවා - යුද හමුදාව) සහ මරීෂා ප්‍රනාන්දු (රාජ්‍ය සේවා - යුද හමුදාව).

 


අදහස් (0)

තුන්කොන් තරගාවලිය 8 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.