Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තියුණු තරගයකින් පසුව ඇන්ඩි මරේ කඩුල්ල පනී

තියුණු තරගයකින් පසුව ඇන්ඩි මරේ කඩුල්ල පනී

editorial - 2020 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාස අටකට පසුව ආරම්භ වූ ප්‍රධාන පෙළේ ටෙනිස් තරගාවලියක් වූ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදී පළමු වටයේදී ඉතා තියුණු තරගයකින් අනතුරුව දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත ක්‍රීඩක ඇන්ඩි මරේ සමත් විය.

මාස 20 කට පමණ පසුව ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක කේවල ඉසව්වක් සඳහා සහභාගි වන මරේ, එම තරගයේ පළමු වට දෙකේදී ලකුණු 4/6 ක් සහ 4/6 ක් ලෙස නිෂියෝකා හමුවේ පරාජයට පත් විය. එහෙත් තෙවැනි සහ සිවුවැනි වටවලදී ලකුණු 7/6 ක් සහ 7/6 ක් ලෙස තියුණු ජයක් ලැබූ මරේ, අවසන් වටය ලකුණු 6/4 ක් ලෙස ජය ගනිමින් සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය.

මේ වන විට 33 වැනි වියේ පසුවන මරේ, 2019 වසරේ ජනවාරි මස පැවැති ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියෙන් අනතුරුව ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලියකට සහභාගි වී නොමැත. පැය හතරහාමාරකට වැඩි කාලයක් පුරා පැවැති මෙම තරගය අතරතුරදී මරේගේ පාදයක ඇගිළිතුඩු තුවාලවී ඇති නමුත්, ඊට ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව ඔහු යළිත් තරගයට අවතීර්ණ වී ඇත.

මේ අතර පළමු වටයේ කාන්තා තරගවලදී ජයග්‍රහණ ලබා දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට සෙරීනා විලියම්ස් සහ නයෝමි ඔසාකා සමත් වූහ. හය වරක් ඇමරිකානු විවෘත ටෙනිස් ශූරිය බවට පත්ව ඇති සෙරීනා, ඇමරිකානු ජාතික ක්‍රිස්ටි අහන්ට එරෙහිව පැවැති තරගයේදී වට 2-0 ක (7/5, 6/4) ජයක් වාර්තා කළාය. 2018 වසරේදී සිය පළමු ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගත් නයෝමි ඔසාකා මෙවර තරගාවලියේ පළමු තරගයේදී වට 2-1 ක (6/2, 5/7, 6/2) ක් ලෙස ජපන් ක්‍රීඩිකා මිසාකි දෝයි පරාජය කළාය.

එහිදී කැරොලිනා මුචෝවා හමුවේ වට 2-0 ක් ලෙස (6/3, 7/5) පරාජයට පත්වීම හේතුවෙන් වීනස් විලියම්ස්ට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවූවාය. දෙවරක් ඇමරිකානු විවෘත ටෙනිස් ශූරිය බවට පත්ව ඇති වීනස්, තරගාවලියේ පළමු වටයේදීම පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

-036


අදහස් (0)

තියුණු තරගයකින් පසුව ඇන්ඩි මරේ කඩුල්ල පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.