Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තරග දෙකකට විදෙස් විනිසුරුවරයෙක් එයි

තරග දෙකකට විදෙස් විනිසුරුවරයෙක් එයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතියේ තරග දෙකකට විදේශ විනිසුරුවකුගේ සේවය ලබාදීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ.

ලොන්ඩන් පෙදෙසේදී සී. ආර්. පිල සහ මහනුවර පිල අතර අද (9 වැනිදා) පැවැත්වෙන තරගයේදී සහ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී සී. එච්. පිල සහ හැව්ලොක්ස් පිල අතර හෙට (10) පැවැත්වෙන තරගයේදී ප්‍රධාන විනිසුරු ලෙස ආසියානු රග්බි සංගමයේ විනිසුරු මඩුල්ල නියෝජනය කරන හොං කොං ජාතික ලෝරන්ස් විල්කින්සන් මහතා කටයුතු කිරීමට නියමිතය.

මෙම තරග දෙකට සහභාගි වන කණ්ඩායම් හතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා වන කණ්ඩායම් වීම නිසා වාඩාත් තියුණු තරග වියහැකි බවට විශ්වාසය පළවී තිබේ.  


හයවැනි සතියේ තරග කාලසටහන

● 09 වැනිදා - යුද හමුදා පිල සහ පොලිස් පිල අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී
● 09 වැනිදා - සී. ආර්. පිල සහ මහනුවර පිල අතර ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී
● 10 වැනිදා - නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර වැලිසර නාවික හමුදා පිටියේදී
● 10 වැනිදා - සී. එච්. පිල සහ හැව්ලොක්ස් පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී

 


අදහස් (0)

තරග දෙකකට විදෙස් විනිසුරුවරයෙක් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.