Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තිවංක කි.ග්‍රෑ. 46-49 අවසන් පූර්ව වටයට

තිවංක කි.ග්‍රෑ. 46-49 අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වේ කිලෝ ග්‍රෑම් 46-49 (පිරිමි) බර පංතියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ සමත් විය.

තරගාවලියේ හයවැනි දිනය වන අද (10 වැනිදා) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වනුවාටු දේශයේ බෙරී නම්රි පරාජය කරමින් තිවංක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.නම්රිට එරෙහිව පැවැති තරගයේ වට තුනේදීම විනිසුරුවන් 5 දෙනාගෙන්ම වැඩි ලකුණු ලබාගැනීමටද තිවංක සමත් විය.

ලබන 13 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී එංගලන්තයේ ගලාල් යෆායිට එරෙහිව තිවංක තරග බිමට පිවිසීමට නියමිතය.

මේ අතර අද පැවැති බොක්සි ඉසව්වේ අර්ධ අවසන් පූර්ව තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ දිනිඳු සපරමාදු සහ කේෂානි හංසිකා පරාජයට පත්වූහ.

කිලෝ ග්‍රෑම් 64 (පිරිමි) බර පංතියේ අවසන් පූර්ව තරගය⁣කදී නැමීබියාවේ ⁣ජොනාස් ජෝන්ස් හමුවේ දිනිඳු පරාජයට පත්විය. කිලෝ ග්‍රෑම් 57 (කාන්තා) බර පංතියේ අර්ධ අවසන් පූර්ව තරගකදී ඉෂානි  නවසීලන්තයේ ඇලෙසිස් ප්‍රිට්චාර්ඩ් හමුවේ පරාජයට පත්වූවාය.

- 036


අදහස් (0)

තිවංක කි.ග්‍රෑ. 46-49 අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.