Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඩේලි මිරර් කුසලාන ක්‍රාබිට

ඩේලි මිරර් කුසලාන ක්‍රාබිට

ශානුක අරවින්ද - 2021 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඩේලි මිරර්  කුසලාන තරගය (මීටර් 1400)
1. ක්‍රාබි - කේ. නායිඩු - ධනවර්දන ගුරුගේ මහතා
2. වේටන් ෆෝ ග්ලෝරි - ආර්. වයිභාව් - හසංග ජයරත්න මහතා
3. ගෝල්ඩි ගර්ල් - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල



ඩේලි මිරර්  කුසලාන තරගය ජය ගැනීමට ක්‍රාබි අසු මෙහෙයවු  කේ. නායඩු සමත් විය.

මිස් අයිවරි, වේටින් ෆෝ ග්ලෝරි, ක්‍රාබි, ගෝල්ඩි ගර්ල් සහ ඒරියස් මෙම තරගයේදී තරග වදින අසුන් වෙති.

තරගාවලියේ අවසන් තරගය ලෙස 'ඩේලි මිරර් කුසලාන' තරගය පැවැත්වෙන අතර අසුන් 5 දෙනෙකු තරග වදින මෙම තරගය මීටර් 1400 ක දුරකින් සමන්විත වේ.

ශ්‍රී ලංකා රක්ෂණ කුසලාන තරගය (මීටර් 1400)
1. ස්ටෝමොන්ට් - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල
2. නයිට් කිං - වී. යෝගරාජ් - නිෂාරා ජයරත්න මහත්මිය
3. ටොපිඩෝ - කේ. සංජීවන් - ෆියර්ලස් අශ්වගාල

ශ්‍රී ලංකා රක්ෂණ කුසලාන තරගය ජය ගැනීමට ස්ටෝමොන්ට් අසු මෙහෙය වූ  ජේ. චිනෝයි සමත් විය.
ස්ටෝමොන්ට්, ටස්කානෝ, ගෝ ග්‍රින්, ටොපිඩො, ස්ටාර් ඒස්, නයිට් කිං මෙම තරගයේදී තරග වදින අසුන් වෙති.
තරගාවලියේ සිව්වැනි තරගය ලෙස 'ශ්‍රී ලංකා රක්ෂණ කුසලාන' තරගය පැවැත්වෙන අතර අසුන් 6 දෙනෙකු තරග වදින මෙම තරගය  මීටර් 1400 දුරකින් සමන්විත වේ.


ස්පෝටින්  ස්ටාර් කුසලාන තරගය (මීටර් 1600)
1. අනදර් ඒස් - විවේක් - හසංග ජයරත්න මහතා
2. සිල්වර් ස්ට්‍රීක් - එල්. දයාලන් - රම්සිස් පීටර් ප්‍රනාන්දු මහතා
3. සන්තෝෂ් - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල 

ස්පෝටින් ස්ටාර් කුසලාන තරගය ජය ගැනීමට අනදර් ඒස් අසු මෙහෙයවූ වේවික් සමත් විය.
සන්තෝෂ්, කාල්ටන්, රොස්වල්ඩ්, සිල්වර් ස්ට්‍රීක්, බ්‍රිලියන්ට් කට්, අනදර් ඒස් මෙම තරගයේදී තරග වදින අසුන් වෙති
තරගාවලියේ තෙවැනි තරගය ලෙස 'ස්පෝටින් ස්ටාර් කුසලාන' තරගය පැවැත්වෙන අතර අසුන් 6 දෙනෙකු තරග වදින මෙම තරගය මිටර් 1600 කින් සමන්විත වේ.

මැජික් මිලියන් කුසලාන තරගය (මීටර් 1600)
1. අල්කසබා  - ජේ. චිනෝයි - එඩ්වඩ්ස් අශ්වගාල
2. ස්පිරිටඩ් ටච් - කේ.අනීල් -  ෆියර්ලස් අශ්වගාල
3. වෙස්ටන් වින්ඩ් - විවේක් - ගාමිණී ජයරත්න මහතා සහ එම මහත්මිය.

මැජික් මිලියන කුසලාන තරගය ජය ගැනීමට අල්කසබා වෙළඹ මෙහෙයවූ ජේ. චිනෝයි සමත් විය

නයිට් ඔෆ් කී, වෙස්ටන් වින්ඩ් , මෙහෙරාන් , පරුෂ්රාම්, ඇරිකා වොනඩර්, කැප්ටන් හැඩොක්, අල්කසබා සහ ස්පිරිටඩ් ටච් මෙම තරගයේදී තරග වදින අසුන් වෙති.

තරගාවලියේ දෙවැනි තරගය ලෙස මැජික් මිලියන් කුසලාන තරගය පැවැත්වෙන අතර අසුන් 8 දෙනෙකු තරග වදින මෙම තරගය මීටර් 1600 දුරකින් සමන්විත වේ.

 
 
මෝටර් ප්ලස් කුසලාන තරගය (මීටර් 1600)

1. විගරස් - එස්. දිනේෂ්රාජ්  - අජන්ත ද සොයිසා මහතා
2. ඔලිව් - කේ. සංජීවන් - ෆියර්ලස් අශ්වගාල
3. ඔනෝරියස්-  කේ. අනීල් - ෆියර්ලස් අශ්වගාල


මෝටර්  ප්ලස් කුසලාන තරගය ජය ගැනීමට විගරස් අසු මෙහෙයවූ එස්. දි⁣නේෂ්රාජ් සමත් විය.

ඔලිව්, විගරස්, ග්ලිටරින්, ගසාකි, ස්ටාර් ස්කොලර්, ඇරබියන් ගොල්ඩ් සහ ඔනෝරියස් මෙම තරගයේ තරග වදින අසුන් වෙති.

තරගාවලියේ පළමු තරග ලෙස මෝටර්  ප්ලස් කුසලාන තරගය පැවැත්වෙන අතර අසුන් 7 දෙනෙකු තරග වදින මෙම තරගය මිටර් 1600 දුරකින් සමන්විත වේ.

රට තුල පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තරගාවලිය නරඹන්නන්ගෙන් තොරව පැවැත්වෙන අතර ත්‍යාග ප්‍රදානෝත්සවය සියලුම තරග නිමවීමෙන් අනතුරුව පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබේ.

කොළඹ රාජකීය තුරඟ තරග සමාජය නුවරඑලිය වසන්ත සාමය වෙනුවෙන් සංවිධානය කරන 'මැජික් මිලියන් කුසලාන' තුරඟ තරගාවලිය අද පෙරවරු 11.00 ට නුවරඑලිය තුරඟ තරග පිටියේදී අද (24) ආරම්භ විය.

 

අදහස් (0)

ඩේලි මිරර් කුසලාන ක්‍රාබිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.