Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඩෙංගු උණෙන් 13 ක් රෝහලේ

ඩෙංගු උණෙන් 13 ක් රෝහලේ

editorial - 2019 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා නේපාලයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 13 දෙනෙක් ඩෙංගු උණ වැළඳීම නිසා රෝහල්ගත කරනු ලැබ සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම භාර වෛද්‍යවරයා ලෙසින් තරගාවලියට එක්ව සිටින වෛද්‍ය ලාල් ඒකනායක මහතා පවසා සිටියේ ඔවුන් අතුරින් ක්‍රීඩිකාවක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන හෙයින් ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
“මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්”

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනාගෙන් වැඩි දෙනෙක් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ.. අපි ඔවුන් දෙස ඉතාමත් විමසිල්ලෙන් බලා ඉන්නා. ඔවුන්ගේ රුධිර පට්ටිකා සංඛ්‍යාව සෑම විටම වෙනස් වෙමින් තිබෙන්නේ” යයි වෛද්‍ය ඒකනායක මහතා පැවසීය.

රෝහල්ගත කරනු ලැබ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර කෙටි ධාවන ශූරියක වන නදීෂා රාමනායක, මේස පන්දු ක්‍රීඩිකා බිමන්දි බණ්ඩාර, මලල ක්‍රීඩකයන් වන එම්. යූ. කුමාර සහ එස්.පී.ජේ. බණ්ඩාරත් සිටිති.

පාපන්දු ක්‍රීඩිකා ගයාත්‍රි නානායක්කාරගේ තත්ත්වය තරමක් බරපතළ වූ හෙයින් ඇය පොකාරා නුවර සිට කත්මණ්ඩු නුවර බලා ගුවන් මගින් ගෙනැවිත් කෙළින්ම දැඩි ෂත්කාර ඒකකයට ඇතුළත් කරන ලදි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාම දශරත් ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි බ්ලූ ක්‍රොස් රෝහලේ ප්‍රතිකාර ලබති.
රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගත් මලල ක්‍රීඩිකාවක වන අමාශා ද සිල්වා අද දිනයේදී ඩෙංගු උණ හේතුවෙන් රෝහල් ගතකරන ලදි. මේ අතර මලල ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනකුටද ඩෙංගු රෝගය වැළඳී ඇතැයි සැක පහළ කෙරේ. ඔවුන් තිදෙනාටම උණ ගැනී තිබිණ.

“නේපාලයේ සෞඛ්‍ය බලධාරීන් ඩෙංගු වගේ වසංගත රෝගී තත්ත්වයකට මුහුණ දෙන්න කිසිම සූදානමක් තිබුණේ නෑ. මොකද ඔවුන්ට මේ වගේ රෝගීන් හමුවන්නේ ඉතාම කළාතුරෙකින්”

“අපට තියෙන ප්‍රධානතම ප්‍රශ්නයත් ඒකමයි” යයි වෛද්‍ය ලාල් ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.  එනිසා නේපාලයේ සෞඛ්‍ය බලධාරීන් සමග කළ සාකච්ඡා වලින් පසුව කොළඹ සිටින වෛද්‍ය කණ්ඩායමක  සහාය ලබාගැනීමට නේපාලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමක් වීඩියෝ දුරකතන මගින් නේපාලයේ සිටින වෛද්‍යවරුන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා සම්බන්ධ වනු ඇත. ඒ අනුව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  වැඩිදුර ප්‍රතිකාර කිරීමට නියමිතය.

මේ අතර නදීෂා රාමනායක සහ බිමන්දි බණ්ඩාර දෙදෙනාගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බවත් වාර්තා වේ.

 


අදහස් (0)

ඩෙංගු උණෙන් 13 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.