Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටෙහාන් - සවිනි කේවල ශූරතා දිනති

ටෙහාන් - සවිනි කේවල ශූරතා දිනති

editorial - 2021 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------
ශානුක අරවින්ද
---------------------

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියේ විවෘත ටෙහාන් විජේමාන්න පිරිමි කේවල ශූරතාව දිනාගත්තේය. සවිනි ජයසූරිය එහි විවෘත කාන්තා කේවල ශූරතාව දිනා ගත්තාය.

ටෙහාන් කොළඹ රාජකීය විදුහලේත්, සවිනි කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේත් ඉගෙනුම ලබති. ඔවුන් දෙදෙනා මැටි පිටි ජාතික ටෙනිස් ශූරයා සහ ශූරිය බවට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

අවසන් මහ තරගයේදී වට 2-1 ක් (6/4, 3/6, 6/1) ලෙස ලූකා නීස් පරාජය කරමින් ටෙහාන් පිරිමි කේවල ශූරතාවට හිමිකම් කීවේය. සවිනි කාන්තා කේවල ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී වට 2-1 ක් (6/1, 3/6, 6/1) ලෙස ජනාලි මනම්පේරි පරාජය කරමිනි.
 
පිරිමි අවසන් පූර්ව වටයේදී සංඛ අතුකෝරලට එරෙහිව වට 2-0 ක (6/0, 6/2) ජයක් වාර්තා කරමින් ටෙහාන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ලූකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී අකිල විමුක්තිට එරෙහිව වට 2-0 ක (6/2, 6/2) ජයක් වාර්තා කරමිනි.

කාන්තා අවසන් පූර්ව වටයේදී සිත්මි දිමායාට එරෙහිව වට 2-0 ක (6/1, 7/6) ජයක් ලබමින් සවිනි අවසන් මහ තරගයට පිවිසියාය. ජනාලි අවසන් මහ තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී ඔනෙලි පෙරේරා හමුවේ වට 2-0 ක (7/6, 6/1) ජයක් ලබමිනි.


අදහස් (0)

ටෙහාන් - සවිනි කේවල ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.