Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාව බටහිරට

ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාව බටහිරට

editorial - 2019 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතලිස් පස්වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත සමත් විය. රන් පදක්කම් 27 ක්, රිදී පදක්කම් 23 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් සමග මුළු පදක්කම් 64 ක් දිනාගනිමින් බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ.

එහි අනු ශූරතාව හිමිකර ගැනීමට රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් සමග මුළු පදක්කම් 24 ක් දිනාගත් මධ්‍යම පළාත සමත් විය. රන් පදක්කම් 2 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමග මුළු පදක්කම් 8 ක් දිනාගත් වයඹ පළාත එහි තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නව තරග වාර්තා තුනක් පිහිටවූ බස්නාහිර පළාතේ ඩී.ඒ. පීරිස් සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නව තරග වාර්තා දෙකක් පිහිටවූ බස්නාහිර පළාතේ රමුදි එන්. සමරකෝන් සම්මාන දිනාගත්තාය.

මෙම පිහිනුම් තරග ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්විණ.


-036


අදහස් (0)

ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාව බටහිරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.