Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික දැල්පන්දු තරගාවලිය අනුරාධපුරයේදී

ජාතික දැල්පන්දු තරගාවලිය අනුරාධපුරයේදී

editorial - 2019 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික දැල්පන්දු ශූරතාවලියද දෙසැම්බර් මස 14 සිට 15 දක්වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදීද  පැවැත්වේ. ශ්‍රී ලංකාවේ දැල්පන්දු සම්මේලනය වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධානතම තරගාවලිය මෙයයි.

අනුරාධපුර මහ නගර සභා එළිමහන් ක්‍රීඩාංගණය සහ උතුරු මැද පළාත් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී තරග පැවැත්වේ. තරගාවලිය සඳහා අනුබද්ධිත සංගම් නියෝජනය කරමින් කණ්ඩායම් 18 ට වැඩි සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

මුලික වටයේ සියලුම තරග එලිමහන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර දෙවන වටයේ සිට අවසන් තරගය දක්වා සියලුම තරග ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික තරගාවලියට පෙර ජාතික කණිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය නොවැම්බර් 30 සිට දෙසැම්බර් 02 දක්වා කොළඹ 07 ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කණිෂ්ඨ තරගාවලිය සදහා දිවයින පුරා විසිර සිටින වයස අවුරුදු 21 ට අඩු දැල්පන්දු ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය. කනිෂ්ඨ තරගාවලියේදී මූලික වටයේ තරග සියල්ලම විනාඩි 10-3-10 කාල සීමා අනුව පැවැත්වේ.

එක් එක් කාණ්ඩයේ වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම් 4 දෙවන වටය සඳහා තෝරා ගනු ලබයි. එසේ තෝරා ගන්නා කණ්ඩායම් 16 අතර දෙවැනි වටයේදී පිළිමළුන් පිටු දැකීමේ පදනම අනුව තරග පවත්වනු ලැබේ.

තරගාවලිය සදහා ඩයලොග් ආසියාටා සමාගම ප්‍රධාන අනුග්‍රහය දක්වයි.

“මෙම ශූරතාවලියට අනුග්‍රහය දැක්වීම පිළිබදව  ඩයලොග් ආසිආටා සමාගම වෙත මගේ කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මෙවන් සහායක් නොමැතිව දැල්පන්දු සම්මේලනයට දැවැන්ත තරඟාවලියක් සංවිධානය කළ නොහැකියි.” යයි දැල්පන්දු සම්මේලනයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය පැවසුවාය.

“ජාතික දැල්පන්දු කණ්ඩායම මෑත කාලයේ විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. මෙවැනි තරගාවලි හරහා ජාතික කණ්ඩායමේ තරගකාරීබව ජාත්‍යන්තර මට්ටමින් ඉහළ නැංවීම සඳහා හේතුවන, අනාගත දක්ෂතා හඳුනාගැනීමට මහෝපකාරී වන බව මගේ විශ්වාසයයි“ යැයි  ඩයලොග් ආසියාටා සමාගමේ ජේෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම සහ මාධ්‍ය හර්ෂ සමරනායක මහතා පැවසීය.

ඩයලොග් ආසියාටා සමාගම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර, ජාතික කනිෂ්ඨ ශූරතා වොලිබෝල් තරගාවලිය, ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය, ජාතික කනිෂ්ඨ හා ජේෂ්ඨ දැල්පන්දු තරගාවලි, ප්‍රධානතම පාපන්දු තරගාවලිය, පාසල් කිකට් තරගාවලි, රග්බි අන්තර් සමාජ මෙන්ම පාපන්දු සමාජ සඳහාද අනුග්‍රහය දක්වයි.

තරගාවලිය සඳහා වන අනුග්‍රාහක චෙක්පත ඩයලොග් ආසියාටා සමාගමේ ජේෂ්ඨ සාමාන්‍යාධිකාරී (සන්නාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක මහතා විසින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්‍ෂමී වික්ටෝරියා මහත්මියට බාර දුන් අවස්ථාව. දැල්පන්දු සම්මේලනයේ ලේකම් චම්පා ගුණවර්ධන මහත්මිය සහ භාණ්ඩාගාරික පද්මිණී හොරණගේ මහත්මියද ඡායාරූපයේ සිටිති.

....


අදහස් (0)

ජාතික දැල්පන්දු තරගාවලිය අනුරාධපුරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.