Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ක්‍රීඩා සංගම් දෙකක් අහෝසි කිරීමට යයි

ජාතික ක්‍රීඩා සංගම් දෙකක් අහෝසි කිරීමට යයි

නාමල් පතිරගේ - 2020 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රීඩා සංගම් ලෙස ලියාපදිංචි කර තිබෙන ශ්‍රී ලංකා යුනිෆයිට් සම්මේලනය හා ශ්‍රී ලංකා පවර්බෝට් සංගමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයි වාර්තාවේ. පසුගිය වසර කිහිපයේදී එකී ජාතික ක්‍රීඩා සංගම් නිසි ක්‍රියාකාරිත්වයක් නොපෙන්වීම ඊට ආසන්නම හේතුව වී තිබේ.

පසුගිය වසර කීපයේදී නිසි  ක්‍රියාකාරිත්වයක් නොපෙන්වීමේ මෙම චෝදනාව මතට ශ්‍රී ලංකා බාල් නැටුම් (බෝල්රූම් ඩාන්සිං) සම්මේලනය අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය නොබෝදා පියවර ගත්තේය.

තහවුරු කරන නිලධාරී මණ්ඩලයක් හෝ විධායක සභාවක් ගැන තොරතුරු වාර්තා නොවීම, කාර්යාලයක්  හෝ මූලස්ථානයක් පවත්වාගෙන යන ස්ථානයක් නොවීම, ක්‍රීඩා අමාත්‍යාංශය යොමු කරන ලිපි හා නිවේදන  ආපසු හරවා එවීම, මෙම ලිපි හා නිවේදනවලට ප්‍රතිචාර නොදැක්වීම, තරගාවලි පැවැත්වීම ගැන වාර්තා නොවීම ආදි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ක්‍රීඩා සංගමයක ලියාපදිංචිය අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගනියි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචිය තහවුරු කර තිබෙන ජාතික ක්‍රීඩා සංගම් ගණන මේ වනවිට 69 කි. ඒ අතර අලුතින් ලියාපදිංචිවීම සඳහා ජාතික ක්‍රීඩා සංගම් කීපයක් මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලුම්කර ඇතැයි ද වාර්තා වේ.

ලියාපදිංචිය අහෝසි කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් ලැබී තිබෙන යුනිෆයිට් ක්‍රීඩාව නූතන ආත්මාරක්ෂක සටන් ශෛලීන් කීපයක සම්මිශ්‍රණයකි.  පවර්බෝට් යනු අධිවේගි බෝට්ටු ධාවන ඉසව්වකි.


අදහස් (0)

ජාතික ක්‍රීඩා සංගම් දෙකක් අහෝසි කිරීමට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.