Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය 29 - 30

ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය 29 - 30

editorial - 2019 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිලෝන් මාස්ටර්ස් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන ජ්‍යෙෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලිය මේ මස 29 සහ 30 යන දිනවලදී කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් මිලියනයකට අධික මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත බව සංවිධායකයෝ පවසති.  

දින දෙකක් පුරා පැවැත්වෙන මේ ශූරතාවලියේදී ප්‍රවීණයෝ වයස් කාණ්ඩ අටක් යටතේ තරග වැදීමට නියමිතය. එහිදී අවුරුදු 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ, 65 න් ඉහළ සහ 70 න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් තරග පැවැත්වේ.

ශූරතාවලියේ වයස් කාණ්ඩ ජයග්‍රාහකයන්ට සහ අනු ශූරයන්ට මුදල් ත්‍යාග පිරිනැමෙන අතර තෙවැනි ස්ථානය දක්වා ජයග්‍රාහකයන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ. මෙම ශුරතාවලිය සියලුම ශ්‍රී ලාංකික ප්‍රවීණ බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත වන අතර මෙරට නේවාසික වීසා බලපත් හිමි විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ඒ සඳහා සහභාගි විය හැකිය.

හිටපු ජාතික පුහුණුකරු ප්‍රදීප් වෙලගෙදර මහතා තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර රමණී පොන්නම්බලම් මහත්මිය තරගාවලි නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනු ඇත.  තරගාවලියේ තීරකවරයා ලෙස සංජීව විජේසේකර මහතා සහ නියෝජ්‍ය තීරකවරිය ලෙස සමන්ති නවරත්න මෙනෙවිය කටයුතු කිරීමට නියමිතය.

මොබිල්, 3-එම් සහ මැක්ෆොයිල් යන සමාගම් මෙම ශූරතාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරති.


- 036

 


අදහස් (0)

ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය 29 - 30

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.