Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චානක - ගයාත්‍රී ප්‍රවීණයන්ගේ ශූරතා දිනති

චානක - ගයාත්‍රී ප්‍රවීණයන්ගේ ශූරතා දිනති

editorial - 2019 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ ප්‍රවීණයන්ගේ බැඞ්මින්ටන් ශූරතාවලියේ පහළම වයස් කාණ්ඩය වූ අවුරුදු 35 න් ඉහළ වයස් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට හසිත චානක සහ නදීෂා ගයාත්‍රී සමත් වූහ.

එහිදී අමිල කුමාර සමග එක්ව අවුරුදු 35 න් ඉහළ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමටද හසිත චානක සමත් වූ අතර හිමාලි ජයවීර සමග එක්ව එම වයස් කාණ්ඩයේ කාන්තා යුගල ශූරතාව දිනාගැනීමට නදීෂා ගයාත්‍රි සමත් වූවාය. පිරිමි යුගල ඉසව්වේදී චානකගේ සහයක ක්‍රීඩකයා ලෙස කටයුතු කළ අමිල කුමාර සමග එක්ව අවුරුදු 35 න් ඉහළ මිශ්‍ර යුගල ශූරතාව දිනාගැනීමටද ගයාත්‍රි සමත් වූවාය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මෙම දෙදින ශූරතාවලියේදී ඉසව් 38 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 180 ක් සහභාගි වූහ. මෙම ශූරතාවලියේ ජයග්‍රාහකයන් අතරේ බෙදාදුන් මුළු ත්‍යාග මුදල රුපියල් මිලියනයක් වූ අතර මොබිල්, 3එම් සහ මැක්ෆොයිල් සාමගම් ඒ සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන්හ.


තරග ප්‍රතිඵල

අවුරුදු 35 න් ඉහළ ශූරතා
පිරිමි කේවල - හසිත චානක
කාන්තා කේවල - නදීෂා ගයාත්‍රී
පිරිමි යුගල - හසිත චානක සහ අමිල කුමාර
කාන්තා යුගල - නදීෂා ගයාත්‍රි සහ හිමාලි ජයවීර
මිශ්‍ර යුගල - අමිල කුමාර සහ නදීෂා ගයාත්‍රි


අවුරුදු 40 න් ඉහළ ශූරතා
පිරිමි කේවල - සුභාෂ් ජානක
කාන්තා කේවල - ප්‍රියංකා අබේරත්න
පිරිමි යුගල - ක්ලැරන්ස් හෝමර් සහ උපේන්ද්‍ර ජයවර්ධන
මිශ්‍ර යුගල - අයි.ඩී.සමරනායක සහ හිමාලි ජයවීර


අවුරුදු 45 න් ඉහළ ශූරතා
පිරිමි කේවල - දුමින්ද ජයකොඩි
පිරිමි යුගල - ක්ලැරන්ස් හෝමර් සහ උපේන්ද්‍ර ජයවර්ධන
කාන්තා යුගල- චන්ද්‍රිකා ද සිල්වා සහ රංජනී මල්කාන්ති
මිශ්‍ර යුගල- සුභාෂ් ජානක සහ කෞෂල්‍යා දිසානායක


අවුරුදු 50 න් ඉහළ ශූරතා
පිරිමි කේවල - අසංක බණ්ඩාර රත්නායක
කාන්තා කේවල - විපුලි අබේසේකර
පිරිමි යුගල - නිරෝෂන් විජේකෝන් සහ රනිල් පතිරණ
කාන්තා යුගල - විපුලි අබේසේකර සහ කෞෂල්‍යා දිසානායක


අවුරුදු 55 න් ඉහළ ශූරතා
පිරිමි කේවල - ඩබ්.පී.ජනත් රොහාන් ප්‍රනාන්දු
පිරිමි යුගල - නිරංජන් විජේසේකර සහ ජනත් රොහාන්


අවුරුදු 60 න් ඉහළ ශූරතා
පිරිමි කේවල - ලුයී කරුණාරත්න
කාන්තා කේවල - ඩබ්.ජි. පුංචිහේවා
පිරිමි යුගල - කේ.සුරේෂ් තවරාජා සහ නන්දන ප්‍රේමචන්ද්‍ර
කාන්තා යුගල - බී.ඉන්ද්‍රා අතුරලිය සහ දිලිනි නිමල්කා
මිශ්‍ර යුගල - අජිත් විජයසිංහ සහ ඩබ්.ජි. පුංචිහේවා


අවුරුදු 65 න් ඉහළ ශූරතා
පිරිමි කේවල - අජිත් විජයසිංහ
පිරිමි යුගල - රොහාන් ද සිල්වා සහ සුනිල් ගලබොඩගේ


අවුරුදු 70 න් ඉහළ ශූරතා
පිරිමි කේවල - ගාමිණී ටී. ජයසූරිය

අවුරුදු 100 ඒකාබද්ධ
ක්ලැරන්ස් හෝමර් සහ නිහාල් අමරසේන


අවුරුදු 110 ඒකාබද්ධ
මොහාන් විජේසිංහ සහ නිරෝෂන් විජේකෝන්


අවුරුදු 120 ඒකාබද්ධ
රොහාන් ද සිල්වා සහ නිරෝෂන් විජේකෝන්


-036


අදහස් (0)

චානක - ගයාත්‍රී ප්‍රවීණයන්ගේ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.