Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගොඩමාන්න ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ගොඩමාන්න ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

editorial - 2019 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

සිංගප්පූරුවේ ඕ.සී.බී.සී. ක්‍රීඩා පරිශ්‍රයේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේදී අසියානු ශාන්තිකර කළාපීය කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී 2-1 ක් ලෙස කුවේට් රාජ්‍යය පරාජය කිරීමට ශ්‍රී ලංකාව අද (27 වැනිදා) සමත් විය. 

කුවේට් රාජ්‍යයට එරෙහිව පැවැති තරගය කේවල තරග 2 කින් සහ යුගළ තරගයකින් සමන්විත වූ අතර පළමු කේවල තරගයේදී අබ්දුල්ලා මක්දේස් හමුවේ වට 2-0 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා පරාජයට පත්විය. 

කෙසේ වුවත් දෙවැනි කේවල තරගයේදී ඉතා දක්ෂ ලෙස තරග වදිමින් වට 2-0 ක් ලෙස මොහොමඞ් ගරීබ් පරාජය කළ හර්ෂණ ගොඩමාන්න, තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයට පත් කළේය.

ඉන් නොනැවතුන ගොඩමාන්න, යුගල තරගයේදී දිනේෂ්කාන්තන් සමග එක්ව අබ්දුල්ලා මක්දේස් සහ මොහොමඞ් ගරීබ් වට 2-0 කින් පරාජය කරමින් තරග 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය ශ්‍රී ලංකාවට අත්කර දුන්නේය.  

මේ අතර ඊයේ (26 වැනිදා) පැවැති තවත් තරගයකදී වියට්නාමය හමුවේ 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්විය. එම තරගයේදී එක් වටයක් හෝ ජයගැනීමට හැකි වූයේද හර්ෂණ ගොඩමාන්නට පමණි. මූලික වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරගය අනිද්දා (28 වැනිදා) සත්කාරක සිංගප්පූරුවට එරෙහිව පැවැත්වීමට නියමිතය. 

කුවේට් රාජ්‍යයට එරෙහිව පැවැති තරගය

අබ්දුල්ලා මක්දේස් (කුවේට්) විසින් වට 2-0 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/3, 6/4)

හර්ෂණ ගොඩමාන්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස මොහොමඞ් ගරීබ් (කුවේට්) පරාජය කරන ලදි. (6/3, 6/1) 

හර්ෂණ ගොඩමාන්න සහ දිනේෂ්කාන්තන් තංගරාජා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස අබ්දුල්ලා මක්දේස් සහ මොහොමඞ් ගරීබ් (කුවේට්) පරාජය කරන ලදහ. (7/6, 6/3) 

වියට්නාමයට එරෙහිව පැවැති තරගය

ලින් ගියෑන් ටි්‍රන් (වියට්නාමය) විසින් වට 2-0 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/2, 6/3)

නාම් හොං ලී (වියට්නාමය) විසින් වට 2-1 ක් ලෙස හර්ෂණ ගොඩමාන්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (3/6, 6/4, 7/6) 

කුවොක් ඛාන් ලී සහ මින් තුවාන් පාම් (වියට්නාමය) විසින් වට 2-0 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා සහ සවිත් වීරසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (6/1, 6/2) 

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

ගොඩමාන්න ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.