Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි දෙකක දින වකවානු අතර ගැටුමක්

ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි දෙකක දින වකවානු අතර ගැටුමක්

editorial - 2020 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කල්දමන ලද ප්‍රංශ විවෘත තරගාවලිය සඳහා අලුතෙන් දින යොදාගැනීමේදී එක්සත් ජනපද විවෘත තරගාවලියේ දින වකවානු අතර ගැටුමක් ඇති නොවීමට වග බලා ගන්නා බව ප්‍රංශ විවෘත තරගාවලි අධ්‍යක්ෂ ගයි ෆොගෙට් මහතා කියයි. ප්‍රංශ විවෘත තරගාවලිය මෙන්ම එක්සත් ජනපද විවෘත තරගාවලියද වසරේ ප්‍රධානතම ටෙනිස් තරගාවලි හතරෙන් දෙකක් වන ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලි දෙකකි.

කලින් පැවැති කාලසටහන අනුව ප්‍රංශ විවෘත තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ පසුගිය ඉරිදා (24 වැනිදා) ය. එහෙත් කොරෝනා වයිරස් අර්බුදය නිසා ප්‍රංශ විවෘත තරගාවලියේ ආරම්භය සැප්තැම්බර් 20 වැනිදා දක්වා කල් දමන ලදි. එය වසර මුලදී තිබුණ සැලසුම අනුව, එක්සත් ජනපද විවෘත තරගාවලියේ අවසන්  මහ තරගය නිමාවී දින 7 කට පසුවය.

අන්තර්ජාතික ටෙනිස් තරග නැවත ආරම්භ කිරීම සඳහා සංශෝධිත දින දර්ශනයක් සකස් කිරීම සම්බන්ධයෙන් ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමය, කාන්තා ටෙනිස් සම්මේලනය සහ ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ප්‍රංශ ටෙනිස් සම්මේලනය මෙම මස මුලදී කියා සිටියේය.

“නිල නිවේදනය තවම නිකුත් කර නෑ. එය (ප්‍රංශ විවෘත තරගාවලිය) බොහෝ විට සැප්තැම්බර් අග සිට ඔක්තෝබර් මුල දක්වා වෙන්න පුළුවන්. වසර අවසානය දක්වා ලෝකයේ තත්ත්වය කෙබඳු වේද යන්න පිළිබඳව ගෝලීය නිවේදනයක් නිකුත් කිරීම සඳහා අපි ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමය, කාන්තා ටෙනිස් සම්මේලනය සහ ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය සමඟ සමීපව කටයුතු කරමින් සිටිනවා” යැයි ෆොගෙට් මහතා පසුගිය සෙනසුරාදා ප්‍රංශ ගුවන්විදුලි සේවයකට පවසා ඇත.

“ප්‍රශ්න බොහොමයක් තිබෙනවා”

“ප්‍රංශයට වඩා නිව්යෝර්ක් නගරයට කොරෝනා වයිරසයේ බලපෑම වැඩියි. ඔවුන්ට සංවිධානාත්මක ගැටලු රාශියක් තියෙනවා. එක්සත් ජනපද විවෘත තරගාවලිය සඳහා එය කෙසේ වේදැයි පැවසීමට ඔවුන් ජූනි මැද භාගයේදී නිවේදනයක් නිකුත් කරයි” යයි කියන ගයි ෆොගෙට් ප්‍රංශ විවෘත තරගාවලිය සඳහා යුරෝපය හොඳ තත්ත්වයේ පවතිනු ඇතැයිද විශ්වාස කරයි.

“මාස කිහිපයකින් තත්වය කෙසේ වේදැයි අපි බලමු”

“රජය පවසන දෙයට අපි අනුගත වෙනවා. අපි අපේක්‍ෂා සහගත සහ සර්වශුභවාදී විය යුතුයි” යැයි ඔහු පැවසීය.
අගෝස්තු මස අවසානය දක්වා 5,000 ක් හෝ ඊට වැඩි පිරිසක් ඒකරාශීවීම ප්‍රංශ රජය විසින් තහනම් කරනු ලැබ ඇත.

- 2079


අදහස් (0)

ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි දෙකක දින වකවානු අතර ගැටුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.