Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කොළඹ හොකී තරග 28-29

කොළඹ හොකී තරග 28-29

editorial - 2019 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ හොකී සංගමය විසින් සංවිධානය කරනු ලබන මතායෙස් සහෝදරතුමන් අනුස්මරණ හොකී ශූරතාවලිය හෙට සහ අනිද්දා (28 සහ 29) කොළඹ රීඞ් මාවත කෘතිම හොකී පිටියේදී පැවැත්වෙයි. මෙම තරගාවලිය සඳහා පිරිමි ක්‍රීඩා සමාජ කණ්ඩායම් 22 ක් සහ කාන්තා කණ්ඩායම් 4 ක් සහභාගි වෙති.

පිරිමි තරගාවලිය ‘ඒ’, ‘බී’ සහ ‘සී’ යනුවෙන් කාණ්ඩ තුනකින් පැවැත්වේ.

‘ඒ’ කාණ්ඩයේ තරගාවලියට කණ්ඩායම් 6 ක් ඉදිරිපත්ව සිටින අතර ‘බී’ කාණ්ඩය සඳහාත් කණ්ඩායම් 6 ක් ඉදිරිපත් වී තිබේ. ‘සී’ කාණ්ඩය සඳහා කණ්ඩායම් සංඛ්‍යාව 10 කි.

‘ඒ’ කාණ්ඩයේ ශූරයන්ට මතායෙස් සහෝදරතුමන් අනුස්මරණ ශූරතාව පිරිනැමෙන අතර ‘බී’ කාණ්ඩයේ ශූරයන්ට ජී.එච්. ජයතිස්ස අභියෝග කුසලාන පිරිනැමේ. ‘සී’ කාණ්ඩයේ ශූරයන්ට ආදි තෝමස් කුසලාන පිරිනැමේ.

කාන්තා තරගාවලියේ ශූරියන්ට සුනේත්‍රා රූපසිංහ අභියෝග කුසලාන පිරිනැමේ.

 


අදහස් (0)

කොළඹ හොකී තරග 28-29

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.