Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කේවල ඉසව්වේ ඉහළම දස්කම් චමීරගෙන්

කේවල ඉසව්වේ ඉහළම දස්කම් චමීරගෙන්

ශානුක අරවින්ද - 2019 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ඉන්දුනීසියාවේ යොජ්යකාර්තා නුවරදී පැවැති ආසියානු මේසපන්දු ශූරතාවලියේ පිරිමි කේවල ඉසව්වේ තෙවැනි වටය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාවේ චමීර ගිණිගේ සමත් විය. මෙම තරගාවලියේ කේවල ඉසව්වකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් දැක්වූ ඉහළම දක්ෂතාව ලෙසද එය සටහන් විය. 

මූලික වටයේදී නිතරග ජයක් ලැබූ චමීර, දෙවැනි වටයේදී වට 3-0 ක් ලෙස එක්සත් අරාබි එමීර් ක්‍රීඩක අල් බ්ලූෂී ඒසා පරාජය කරමින් තෙවැනි වටයට පිවිසියේය. කෙසේ වුවත් තෙවැනි වටයේදී චීනයේ වැන් චුකින් හමුවේ වට 3-0 ක් ලෙස පරාජය වීම නිසා ඔහුට එම ඉසව්වේ සිවුවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැති විය. 

තරගාවලියට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන සුපුන වරුසවිතාන, සෙනුර ද සිල්වා සහ රොහාන් සිරිසේනද පිරිමි කේවල ඉසව්වේ මූලික වටයේදී නිතරග ජයග්‍රහණ ලැබූහ. එහෙත් දෙවැනි වටයේදී පිළිවෙලින් සිංගප්පූරු, උතුරු කොරියා සහ ජෝර්දාන ක්‍රීඩකයන් හමුවේ පරාජය වීම නිසා ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූහ. 

කාන්තා කේවල ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ජිතාරා වර්ණකුලසූරිය සහ ඉෂාරා මධුරංගි සමත් වූ අතර ඔවුන් දෙදෙනාම පළමු වටයේදී මැකාවෝ ක්‍රීඩිකාවන් හමුවේ ජය ලැබූහ. චෙයුන් පයිමාන්ට එරෙහිව වට 3-1 ක ජයක් වාර්තා කරමින් ජිතාරාද, ලෙයොන් කිට්වෙන්ට එරෙහිව වට 3-0 ක ජයක් වාර්තා කරමින් ඉෂාරාද දෙවැනි වටයට පිවිසියහ. 

දෙවැනි වටයේදී චීනයේ චෙන් මෙන්ග් හමුවේ වට 3-0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ජිතාරාට කාන්තා කේවල ඉසව්වේ තෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. ඉෂාරාට එයි තෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූයේ ජපානයේ සාතෝ හිටොමි හමුවේ වට 3-0 ක් ලෙස පරාජය වීම හේතුවෙනි. 

සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වූ එරන්දි වරුසවිතාන සහ බිමන්දි බණ්ඩාර මූලික වටයේදී දකුණු කොරියාවේ යෙන් හීයුන් හමුවේද, උතුරු කොරියාවේ කිම් නාම්හි හමුවේද වට 3-0 ක් ලෙස පරාජයට පත්වූහ. 

පිරිමි කේවල ඉසව්ව

දෙවැනි වටය

චමීර ගිණිගේ (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස අල් බ්ලූෂී ඒසා (එක්සත් අරාබි එමීර්) පරාජය කරන ලදි. (11/8, 11/3, 11/6) 

ඩොමිනික් සොන් ජුන් (සිංගප්පූරු) විසින් වට 3-0 ක් ලෙස සුපුන වරුසවිතාන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (12/10, 11/6, 11/7) 

කිම් ඔක්චෑන් (උතුරු කොරියාව) විසින් වට 3-0 ක් ලෙස සෙනුර ද සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/1, 11/6, 11/3) 

අබූ යමාන් සයිඞ් (ජෝර්දානය) විසින් වට 3-0 ක් ලෙස රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/7, 11/8, 11/6) 

තෙවැනි වටය

වැන් චුකින් (චීනය) විසින් වට 3-0 ක් ලෙස චමීර ගිණිගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/3, 11/2, 11/1) 

කාන්තා කේවල ඉසව්ව 

පළමු වටය

ජිතාරා වර්ණකුලසූරිය (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙස චෙයුන් පයිමාන් (මැකාවෝ) පරාජය කරන ලදි. (11/6, 11/9, 20/18, 11/8) 

ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස ලෙයොන් කිට්වෙන් (මැකාවෝ) පරාජය කරන ලදි. (11/4, 11/7, 11/5) 

යෙන් හීයුන් (දකුණු කොරියාව) විසින් වට 3-0 ක් ලෙස එරන්දි වරුසවිතාන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/5, 11/2, 11/3) 

කිම් නාම්හි (උතුරු කොරියාව) විසින් වට 3-0 ක් ලෙස බිමන්දි බණ්ඩාර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/3, 11/5, 11/4) 

දෙවැනි වටය

චෙන් මෙන්ග් (චීනය) විසින් වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/5, 11/3, 11/3) 

සාතෝ හිටොමි (ජපානය) විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/5, 11/3, 11/4) 

 

 


අදහස් (0)

කේවල ඉසව්වේ ඉහළම දස්කම් චමීරගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.