Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කළුතර චෙස් තරගාවලිය 15 දා සිට

කළුතර චෙස් තරගාවලිය 15 දා සිට

editorial - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)

කළුතර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය මේ මස 15 සිට 19 දක්වා පානදුර වයිට් හෙවන් හෝටලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කළුතර චෙස් ක්‍රීඩා සමාජය මෙවර තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ අටවැනි වරටය.

තරගාවලිය තරග වට 10 කින් සමන්විතය.

ජනවාරි 15 වැනිදා තරග වට දෙකකින් මේ තරගාවලිය ආරම්භ කෙරෙන අතර, අනෙක් දිනවල දිනකට තරග වට දෙක බැගින් තරග වට 10 ක් නිමාවට පත් කෙරේ. එක් තරග වටයක කාලය පැය හතරකි.

පැවැත්වෙන තරග වට 10 න් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙළ අනුව තරගාවලියේ විවෘත කාන්තා, පිරිමි, ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු ලැබූ, ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු නොලැබූ එමෙන්ම වයස 15න් පහළ, 13න් පහළ, 11න් පහළ, 9න් පහළ හා 7න් පහළ කාන්තා, පිරිමි යන අංශවල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝර ගනු ලැබේ.

විවෘත පිරිමි ශූරයාට මුදලින් රුපියල් 60,000ක්ද, අනු ශූරයාට මුදලින් රුපියල් 40,000ක්ද, තෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 25,000ක් ද හිමිවේ. හතරවැනි සහ පස්වැනි ස්ථාන සඳහා මුදලින් රුපියල් 10,000 බැගින්ද 6 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 5,000ක් බැගින් පිරිනැමේ.

විවෘත කාන්තා ශූරියට මුදලින් රුපියල් 15,000ක් ද, අනු ශූරියට මුදලින් රුපියල් 10,000ක්ද, තෙවැනි ස්ථානය සඳහා මුදලින් රුපියල් 5,000ක්ද පිරිනැමේ. සෙසු අංශවල ශූරතා, අනු ශූරතා සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් මුදලින් රුපියල් 5000ක්, 2,000 ක් සහ 1,000 බැගින් පිරිනමනු ලැබේ. ඒ සෑම අංශයකම ජයග්‍රාහක, ජයග්‍රාහිකාවකටම රන්, රිදී හා ලෝකඩ පදක්කම් පිරිනමනු ලැබේ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකම චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700ක් පමණ සහභාගි වීමට නියමිත බව තරග සංවිධායකයෝ කියති.

තරගාවලිය සඳහා අවශ්‍ය වැඩි විස්තර දුරකතන අංක 0718560211 ඔස්සේ දයාල් සිරිවර්ධන මහතාගෙන් ලබාගත හැකිය.

 


අදහස් (0)

කළුතර චෙස් තරගාවලිය 15 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.