Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කමිටු සභාපති ධූරය අනුරම ගනී

කමිටු සභාපති ධූරය අනුරම ගනී

Nisanka Sandeepani - 2019 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ජාතික කණ්ඩායම් භාර කමිටුවේ සභාපති ධුරය තමා වෙතම පවරා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පියවර ගෙන තිබේ. පසුගිය සෙනසුරාදා (26) පැවැති එම සම්මේලනයේ විධායක සභා රැස්වීමේදී ගත් තීරණයන්ට අනුව සිල්වා මහතාගේ තීරණයට පාපන්දු සම්මේලනයේ කවුන්සිල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

මේ වනවිට ජාතික පාපන්දු සංචිතය ක්‍රියාත්මක නොවන නමුත් වයස 23 න් පහළ ජාතික පාපන්දු සංචිතය ස්ථාපිත කිරීමට පාපන්දු සම්මේලනය කටයුතු කර තිබේ. ජාතික කණ්ඩායම් භාර කමිටුවේ සභාපතිවරයා ලෙස මෙතෙක් කලක් මේජර් ජනරාල් අතුල කොඩිප්පිලි මහතාත් නියෝජ්‍ය සභාපතිවරයා ලෙස රෝහිත ප්‍රනාන්දු මහතාත් කටයුතු කළහ. 

කමිටුව සඳහා සෙසු අළුත් සාමාජිකයන් පත්කර ගැනීම සම්මේලනයේ විධායක සභාව හා සෙසු අනුකමිටුවල සභාපතිවරුන් සමග කෙරෙන සාකච්ඡා වලින් පසුව සිදු කෙරෙන බව ලංකාදීපය කළ විමසුමකදී පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා පැවසීය. පාපන්දු සම්මේලනයේ ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින වැදගත්ම කමිටුව වන ජාතික කණ්ඩායම් භාර කමිටුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා තමන් එම කමිටුව පවරා ගත් බවත් අනුර ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ජාතික පාපන්දු පුහුණුකරු රූමි පකීර් අලි මහතාගේ සේවය වසර 2020 මාර්තු මාසය දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර ඇති අතර ජාතික සංචිතයේ කළමනාකරු ලෙස කටයුතු කරන සුනිල් සේනවීර මහතා ඉන් ඉවත් කරන ලෙස ජාතික සංචිතයේ පාර්ශව කීපයක් ඉල්ලා තිබේ. ඒ පිළිබඳව කළ විමසුමකදී අනුර ද සිල්වා මහතා පැවසුවේ විවිධ මත හා ඉල්ලීම් ඉදිරිපත් වුවත් ඒ පිළිබඳව තීරණයක් ගතයුත්තේ නිසි ලෙස ඒවායෙහි සත්‍යතාවය පිළිබඳව විමර්ශනයකින් පසුව බවයි.

 


අදහස් (0)

කමිටු සභාපති ධූරය අනුරම ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.