Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඉසිපතනය විද්‍යා විදුහල පරදවයි

ඉසිපතනය විද්‍යා විදුහල පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේදී ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 35-8 කින් සත්කාරක විද්‍යා විද්‍යාලය පරාජය කිරීමට සමත් වූහ. මෙම තරගය අද (16) ගල්කිස්සේ විද්‍යා විද්‍යාලයේදී පැවැත්විණ.

මෙම ජය, ඉසිපතන විදුහල් පිල මෙවර තරගාවලියේදී පිට පිටම ලැබූ තෙවැනි ජය වන අතර ඉසිපතන විදුහල් පිල තරග තුනේදීම අතිරේක ප්‍රසාද ලකුණ ලබාගැනීමට කැපී පෙනේ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ඉසිපතන විදුහල ලකුණු 25-3 ක් ලෙස පෙරමුණේ පසු විය.

ඉසිපතන විදුහල ගෝල දෙකකින්, උත්සාහක දිනුම් තුනකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු රැස්කළේය. විද්‍යා විද්‍යාලය උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් පමණක් වාර්තා කළේය.


 - 048

 


අදහස් (0)

ඉසිපතනය විද්‍යා විදුහල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.