Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කායවර්ධන ශූරතාවලියට යති

ආසියානු කායවර්ධන ශූරතාවලියට යති

නාමල් පතිරගේ - 2019 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ හර්බින් නුවර දී මෙම 26 වැනිදා ආරම්භ වන 53 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා (වාර්ෂික) ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිර්දේශ කර තිබේ. එහි විශේෂත්වය වසර තුනකට පසුව ශ්‍රී ලංකාව ආසියානු කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගිවීමයි.

වසර 2015 න් පසුව ශ්‍රී ලංකාව ඒ සඳහා සහභාගි වී නොමැති අතර ඊට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ දිගින් දිගටම උද්ගත වූ පරිපාලන අර්බුද ඊට  හේතු විය. මේ වනවිට දේශීය කායවර්ධන පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කරන ලද අතුරු කමිටුවක් මගින් පාලනය කරයි. 

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවනාගාරයේදී පෙරේදා (1) පැවැති අවසන් තේරීම් තරගාවලියෙන් පසුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තෝර ගනු ලැබ තිබේ. මෙම කණ්ඩායමට කනිෂ්ඨ ඉසව් නියෝජනය කරන ක්‍රීඩකයෙකු මෙන්ම වයස 55න් ඉහළ (ප්‍රවීනයන්ගේ) කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ද ඇතුළත්ව සිටී. 

ජාතික කායවර්ධන තේරීම් කමිටුවේ සභාපති තිලක් ජයවීර මහතා ආසියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු ලෙසත් ලෝක ශූරතා ද්විත්ව පදක්කම්ලාභී ප්‍රසන්න පීරිස් මහතා පුහුණුකරු ලෙසත් කටයුතු කරයි.

ඒ අනුව රාජ් කුමාර් (කිලෝග්‍රෑම් 60 බර පංතිය), කොලින් හෙට්ටිආරච්චි (කිලෝග්‍රෑම් 55 බර පංතිය), පියල් ලක්මිණ (කිලෝග්‍රෑම් 75 බර පංතිය කනිෂ්ඨ), නුවන් ගුණසේකර (ශාරීරික යෝග්‍යතා ඉසව්ව), නිෂාන්ත පෙරේරා (වයස 55න් ඉහළ ප්‍රවීණයන්ගේ කාණ්ඩය) මෙවර ආසියානු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ වී සිටියි.

තරගාවලිය මෙම 26 සිට 29 වැනිදා දක්වා හර්බි නුවරදී පැවැත්වේ. උතුරු චීනයේ ඊසාන දිගින් පිහිටි රුසියානු දේශ සීමාවට ආසන්නයේ හර්බින් නගරය පිහිටා තිබේ.

 


අදහස් (0)

ආසියානු කායවර්ධන ශූරතාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.