Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආරුගම්බේ රළ මත ලිස්සීමේ ශූරයා පාකින්සන්

ආරුගම්බේ රළ මත ලිස්සීමේ ශූරයා පාකින්සන්

editorial - 2019 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 ආරුගම්බේදී පැවති රළ මත ලිස්සා යාමේ ලෝක ශූරතාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ඕස්ටේ්‍රලියාවේ මිචෙල් පාකින්සන් විසින්  2019 ශ්‍රී ලංකා අදියරේ ශූරතාව දිනා ගන්නා ලදී. මෙම තරඟය සඳහා ලෝකයේ සෑම දෙසින්ම තරඟකරුවන් 124 කට  වැඩි පිරිසක් සහභාගී වූ අතර 2012 ලෝක ශූර ජොයෙල් පාකින්සන්ගේ කුඩා ඥාති සහෝදරයෙකු වන මිචෙල් පාකින්සන් ශ්‍රී ලංකා අදියරේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඉන්දුනීසියාවේ ඔන්රි අන්වර් විසින් අවසන් මහා තරගයේදී තියුණු සටනක් දෙමින් දෙවන ස්ථානය දිනා ගත්තේය.

මිචෙල් පාකින්සන් ආරුගම්බේ මුහුදේදී පැවැති අඩි තුනේ සිට හතර දක්වා රළ මත ලිස්සා යමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. සිය වෘත්තීය දිවියේ විශාලතම ජයග්‍රහණය සමරමින් පාකින්සන් තමන් සහභාගී වූ සෑම මූලික තරගයකදීම ගුවනේත් මනාලෙස පාවී යමින් අලංකාර තරගයක නිරත විය.

ඕස්ටේ්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට්හි දේශීය ක්‍රීඩකයෙකු ලෙස මෙම ක්‍රීඩාවට එක්වූ පාකින්සන් සියලුම ඉසව්වලදී දැඩි තරගකාරී ස්වභාවයකින්  අවසන් වටයට පිවිසියේය.

අවසන් මහා තරගයේදී ඔහුගේ පළමු රැල්ල සමඟ ලකුණු 10 ක පරිපූර්ණ ගමනක් නිමා කළේය. දෙවෙනි වතාවේදී පරිපූර්ණ ලකුණු ප්‍රමාණයක් ලැබුනේ නැතත් ඉතාමත් සාර්ථක භ්‍රමණයක් හේතුවෙන් නිසා එය 9.17 ක ලකුණු සංඛ්‍යාවක් විය.

පාකින්සන්ගේ මෙම දස්කම් නිසා ඔහුගේ ප්‍රතිවාදියා වූ ඔනේ අන්වර්ට (අයි.ඩී.එන්) තරංග දෙකකදී  ලකුණු 19.17 ක් හඹායාමට සිදු විය. එය අසීරු අභියෝගයකි.

නවසීලන්තයේ තේ කෙකේයු බට්ලර් සහ බ්‍රසීලයේ වික්ටර් බර්නාඩෝ යන තරගකරුවන් දෙදෙනා මූලික වටවලදී අලංකාර ලෙසින් රළ මත පාවී ගිය නමුත් ඔවුන් දෙදෙනාම අවසන් පූර්ව වටයේදී පරාජය වූහ. මෙම රළ මත ලිස්සා යාමේ ක්‍රීඩකයන් දෙදෙනාම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ තුන්වන ස්ථානය රැකගනිමිනි.

රළ මත ලිස්සා යාමේ ලෝක ශූරතාවය 2019  පිරිමි තරගාවලිය සැප්තැම්බර් 25 දින සිට 29 දින දක්වා අරුගම්බේ හිදී පැවැත්වූ අතර එය රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවට ලොව හොඳම ස්ථානයක් ලෙස සැලකේ.

 


අදහස් (0)

ආරුගම්බේ රළ මත ලිස්සීමේ ශූරයා පාකින්සන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.