Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අශාන් - බුද්ධික මෝටර් රථ දිනාගනිති

අශාන් - බුද්ධික මෝටර් රථ දිනාගනිති

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ සම්මාන රාත්‍රියේදී (2018) වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස බුද්ධික කසුන් සිල්වාද සම්මාන දිනාගත්හ. එම සම්මාන දිනාගැනීම වෙනුවෙන් අෂාන්ට සහ බුද්ධිකට ඩැට්සන් වර්ගයේ නවතම මෝටර් රථ 2 ක් ත්‍යාග වශයෙන් හිමිවිය.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය (ස්ලාඩාර්), ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජය (ඒ.එම්.ආර්.සී.) සමග එක්ව සංවිධානය කළ මෙම සම්මාන රාත්‍රිය ඉකුත්දා අත්තිඩිය ඊගල් ලේක් සයිඞ් හෝටලයේදී පැවැත්විණ.

ශූරතාවලියේ ප්‍රධානතම මෝටර් රථ කාණ්ඩය වූ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) ශූරතාව දිනාගනිමින් අශාන් සිල්වා දක්ෂතම රියැදුරා බවට පත්විය. බුද්ධික කසුන් සිල්වා දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූයේ එහි ප්‍රධානතම යතුරුපැදි කාණ්ඩය වූ එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් ශූරතාව දිනාගනිමිනි.

එහිදී එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි.ධා. 1500 දක්වා) මෝටර් රථ ඉසව්වේ ශූරයා වූ කුෂාන් පීරිස්ට සහ එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි ඉසව්වේ ශූරයා වූ දේෂාන් සොලංකිට හොණ්ඩා සී.බී. හොනට් වර්ගයේ යතුරුපැදි 2 ක්ද පිරිනැමිණ.

දියතලාවේදී පැවැති නරියාකන්ද සුපර්ක්‍රොස්, කුරුණෑගලදී පැවැති කැවල්රි සුපර්ක්‍රොස්, වැලිසරදී පැවැති කොළඹ සුපර්ක්‍රොස්, කුඩාඔයදී පැවැති කමාන්ඩෝ සුපර්ක්‍රොස් සහ කටුකරුන්දේදී පැවැති ‘ලයන්ස් ටොප් ස්පීඞ්’ යන තරගාවලි 5 දී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා මෙම සම්මාන උළෙලේදී ඇගැයීමට ලක්කෙරිණ.

වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා සඳහා පිරිනැමුණ සම්මාන 2 ට අමතරව මෝටර් රථ කාණ්ඩය සඳහා තවත් සම්මාන 5 ක්ද, යතුරුපැදි කාණ්ඩය සඳහා සම්මාන 4 ක්ද පිරිනැමිණ. එහිදී අෂාන් සිල්වා සහ මිස්සක නවීන් ක්‍රීඩා කළ මැග්නි රේසිං කණ්ඩායම වසරේ දක්ෂතම මෝටර් රථ කාණ්ඩායම ලෙසත්, ඉමාල් මංචනායක සහ ශානුක සඳරුවන් ක්‍රීඩා කළ හොණ්ඩා කණ්ඩායම දක්ෂතම යතුරුපැදි කාණ්ඩායම ලෙසත් සම්මාන දිනාගත්හ.   

ශ්‍රී ලංකා සුපර් සීරීස් ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හච් සමාගම කටයුතු කළ අතර එහි ජයග්‍රාහකයන්ට ලබාදුන් මෝටර් රථ 2 සඳහා මැක්සිස්, මොබිල් සහ ප්‍රමෝ වොච් යන සමාගම්ද, යතුරුපැදි 2 සඳහා හොණ්ඩා සමාගමද අනුග්‍රහය දැක්වූහ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ යුද හමුදා ස්වේඡා බලකායේ සේනාධිපති මේජර් ජනරාල් රුක්මල් ඩයස් මහතා ප්‍රධාන අරාධිතයන් ලෙස මෙම සම්මාන රාත්‍රියට සහභාගි වූහ.


මෝටර් රථ ශූරතා

එස්.එල්.එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ ශූරතාව
■    කුෂාන් පීරිස්

එස්.එල්.එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ ශූරතාව
■    කාමිල් හුසේන්

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) හොණ්ඩා මෝටර් රථ ශූරතාව
■    කුෂාන් පීරිස්

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගසි මෝටර් රථ ශූරතාව
■    මාලික කුරුවිටආරච්චි

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) සුපිරි මෝටර් රථ ශූරතාව
■    අශාන් සිල්වා


යතුරුපැදි ශූරතා

එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව (වයස 15 න් පහළ)
■    ස්ටෙෆාන් ප්‍රනාන්දු

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි.ධා. 250 දක්වා) යතුරුපැදි ශුරතාව
■    ඒරන් ගුණවර්ධන

එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි ශූරතාව
■    දේෂාන් සොලංකි

එම්.එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව
■    බුද්ධික කසුන් සිල්වා

දක්ෂතම මෝටර් රථ රියැදුරා
■    අශාන් සිල්වා

දක්ෂතම යතුරුපැදිකරුවා
■    බුද්ධික කසුන් සිල්වා

දක්ෂතම මෝටර් රථ කණ්ඩායම
■    අශාන් සිල්වා සහ මිස්සක නවීස් (මැග්නි රේසිං)

දක්ෂතම යතුරුපැදි කණ්ඩායම
■    ඉමල් මංචනායක සහ ශානුක සඳරුවන් (හොණ්ඩා)  

 


අදහස් (0)

අශාන් - බුද්ධික මෝටර් රථ දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.