Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අවසන් මහ තරග හෙට මහරගමදී

අවසන් මහ තරග හෙට මහරගමදී

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග හෙට (15 වැනිදා) පෙරවරු 9.00 සිට මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහි විවෘත පිරිමි අවසන් මහ තරගයේදී ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය තරග වදින අතර විවෘත කාන්තා අවසන් මහ තරගයේදී කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය තරග වැදීමට නියමිතය.

විවෘත පිරිමි අවසන් පූර්ව වටයේදී කෑගල්ල දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය වට 3-1 කින් පරාජය කරමින් බලරැස් ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. සියනෑතරු ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී වට 3-0 කින් ආනමඩුව රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

විවෘත කාන්තා අවසන් පූර්ව වටයේදී වට 3-0 ක් ලෙස රදාවාන ගෝල්ඩන් බර්ඞ්ස් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට කැෂුවලයින් ක්‍රීඩා සමාජය සමත් වූ අතර වට 3-0 ක් ලෙස සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය පරාජය කිරීමට කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සමත් විය.

රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය වයස 22 න් පහළ පිරිමි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය වයස 22 න් පහළ කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටිති.

ඩයලොග් අසියාටා සමාගමේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි වීමට නියමිතය.


අවසන් මහ තරග කාලසටහන

වයස 22 න් පහළ (කාන්තා)
පෙරවරු 9.00 - මහඋස්වැව රත්නපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජය අතර

වයස 22 න් පහළ (පිරිමි)
පෙරවරු 11.00 - රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය සහ නාත්තන්ඩිය ධම්මිස්සර ක්‍රීඩා සමාජය අතර

විවෘත කාන්තා  
පස්වරු 1.00 - කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය අතර

විවෘත පිරිමි   
පස්වරු 3.00 - ගම්පහ සියනෑතරු ක්‍රීඩා සමාජය සහ කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය අතර

 


අදහස් (0)

අවසන් මහ තරග හෙට මහරගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.