Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අමිලගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

අමිලගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

නාමල් පතිරගේ - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ඩුබායි නුවරදී අද (10) නිමාවට පත්වූ 73 වැනි ලෝක ශූරතා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක වයි.ඒ. අමිල කිලෝ ග්‍රෑම් 65 බර පංතියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්විය.

ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත්තේ වසර 2009න් පසුවයි. ශ්‍රී ලංකාව වසර 2014 න් පසුව දේශීය කායවර්ධන පරිපාලනයේ දිගින් දිගටම උද්ගතව තිබූ ආරවුල් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් කිසිවකු ලෝක ශූරතා තරගාවලියට සහභාගි නොවීය.

එහිදී වසර පහකට පසුව ලෝක ශූරතා තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්වූයේ අමිල රන් පදක්කම දිනාගත් කිලෝ ග්‍රෑම් 65 බර පංතියේ රිදී පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රාජ් කුමරන් හිමි කර ගැනීමට සමත්වීමෙනි.

මෙම ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 24 දෙනකු සහභාගිවූ අතර එහිදී අවසන් වටයට තේරුණු තරගකරුවන් 10 දෙනා අතරට පැමිණෙමින් අමිල හා කුමරන් රන් පදක්කම හා රිදී පදක්කම හිමිකර ගත්හ. මෙවර වසර පහකට පසුව ශ්‍රී ලංකාව ලෝක ශූරතා තරගාවලියට සහභාගිවීමේදී ක්‍රීඩකයන් 10 දෙනකු ඒ සඳහා නිර්දේශ විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ධුරය දැරූ හිටපු ලෝක ශූරතා පදක්කම්ලාභි කායවර්ධන ශූර ප්‍රසන්න පීරිස් වසර 2009 දී කටාරයේදී පැවැති ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා දුන්නේය. ඒ කිලෝ ග්‍රෑම් 60 බර පංතියෙනි.

ඩුබායි නුවරදී පැවති ලෝක ශූරතා තරගාවලියට ලෝකයේ විවිධ රටවල ක්‍රීඩකයන් 672 දෙනකු හා නිලධාරින් 262 දෙනකු සහභාගි වූහ.

මෙවර ශ්‍රී ලංකාව ලෝක තරගාවලියේ දී ශාරීරික යෝග්‍යතා ඉසව්ව සඳහා ක්‍රීඩකයන් පස් දෙනකු සහභාගි කළේය. කෙසේ වුවත් කිලෝග්‍රෑම් 65 බර පංතියෙන් හැරෙන්නට ශ්‍රී ලංකාව සහභාගි වූ සෙසු ඉසව්හි අවසන් වටයට වත් පිවිසීමට සමත් නොවීය.

මෙවර රන් පදක්කම දිනාගත් වයි.කේ. අමිල මීට පෙර ආසියානු ශූරතා පදක්කම් දිනූ යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

 


අදහස් (3)

අමිලගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
  • lakshman Sunday, 10 November 2019 01:24 PM

    සුභ පැතුම් ! තව ජයග්‍රහණ ලබාගන්න.

    Reply 0       0

    Mohan Monday, 11 November 2019 02:36 AM

    ආඩම්බරයි ලක් පුතුනි. ජයවේවා !

    Reply 0       0

    K.A.Manjula Tuesday, 12 November 2019 04:44 PM

    මම ඔබ ගැන ආඩම්බර වෙනවා. සුභ පැතුම් !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.