Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අප් කන්ට්‍රි ලයන්ස් - සෝන්ඩර්ස් තරගය අත්හිටුවයි

අප් කන්ට්‍රි ලයන්ස් - සෝන්ඩර්ස් තරගය අත්හිටුවයි

Nisanka Sandeepani - 2019 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය අතර සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ආරක්ෂක හේතූන් මත 91 වැනි මිනිත්තුවේදී (අතිරේක කාලයේදී) අත්හිටුවීමට සිදුවිය.  

තරගය නතර කරන විට ගෝල 3-1 ක් ලෙස අප් කන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජය ඉදිරියෙන් සිටියේය. පී.ජේ. එවන්ස් 72 වැනි සහ 86 වැනි මිනිත්තුවලදීද, ආර්. සරන්රාජ් 47 වැනි මිනිත්තුවේදීද අප් කන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල ලබාගත්හ. 


සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට ක්‍රිෂාන්ත අබේසේකර සමත් වූයේ 36 වැනි මිනිත්තුවේදීය. 


මෙම තරගයේදී අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජයේ එස්. නිරේෂ් සහ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ ඩී. ඔෆොරි කහ කාඞ්පත් ලැබූහ. 

-036 


අදහස් (0)

අප් කන්ට්‍රි ලයන්ස් - සෝන්ඩර්ස් තරගය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.