Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අනීකා ද්විත්ව ශූරතා දිනයි

අනීකා ද්විත්ව ශූරතා දිනයි

ශානුක අරවින්ද - 2021 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 105 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ටෙනිස් ශූරතාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට අනීකා සෙනෙවිරත්න සමත් වූවාය. තරගාවලියේ විවෘත කාන්තා කේවල සහ විවෘත කාන්තා යුගල ඉසව් ජයගැනීමට ඇය සමත් වූවාය.

සෙනසුරාදා (13 වැනිදා) පැවැති කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස (7/5, 3/6, 6/3) සවිනි ජයසූරිය පරාජය කළ අනීකා, ඉන් නොනැවතී ඉරිදා (14 වැනිදා) පැවැති කාන්තා යුගල අවසන් මහ තරගයේදී සිය සොහොයුරිය වන අලානා සෙනෙවිරත්න සමග එක්ව වට 2-0 ක් ලෙස සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි පරාජය කළාය.
 
කාන්තා කේවල අවසන් පූර්ව තරගවලදී වට 2-1 ක් ලෙස (6/2, 4/6, 6/1) ඔනෙලි පෙරේරා පරාජය කරමින් අනීකා අවසන් මහ තරගයට පිවිසියාය. සවිනි අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ ඉතා තියුණ තරගයකින් අනතුරුව වට 2-1 ක් ලෙස (7/5, 1/6, 7/6) ජනාලි මනම්පේරි පරාජය කරමිනි.

මේ අතර තරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ලූකා නීස් සමත් වූයේ ඉරිදා පැවැති අවසන් මහ තරගය වට 1-1 ක් ලෙස (6/3, 2/6) සම තත්වයේ තිබියදී ආබාධයකට ලක්ව විබුද විජේබණ්ඩාර ඉන් ඉවත්වීම හේතුවෙනි.

පිරිමි කේවල පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 6/4) දුමින්ද දිලුම් පරාජය කරමින් ලූකා මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. විබුද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/3, 7/5) ටෙහාන් විජේමාන්න පරාජය කරමිනි.

කේවල අවසන් මහ තරගය අතර තුර ආබාධයකට ලක්වුවද, ඊට පෙර දින පැවැති පිරිමි යුගල අවසන් මහ තරගයේදී සවිත් වීරසිංහ සමග එක්ව වට 2-1 ක් ලෙස (6/7, 6/4, 10/7) ටෙහාන් විජේමාන්න සහ චාතූර්ය නිලවීර පරාජය කිරීමට විබුද විජේබණ්ඩාර සමත් විය.
තරග ප්‍රතිඵල


පිරිමි කේවල
■    තරග වට 1-1 ක් ලෙස තිබියදී විබුද විජේබණ්ඩාර තරගයෙන් ඉවත්වීම හේතුවෙන් ලූකා නීස්ට ජය හිමිවිය. (6/3, 2/6)

පිරිමි යුගල
■    විබුද විජේබණ්ඩාර සහ සවිත් වීරසිංහ විසින් තරග වට 2-1 ක් ලෙස ටෙහාන් විජේමාන්න සහ චාතූර්ය නිලවීර පරාජය කරන ලදහ. (6/7, 6/4, 10/7)

කාන්තා කේවල  
■    අනීකා සෙනෙවිරත්න විසින් තරග වට 2-1 ක් ලෙස සවිනි ජයසූරිය පරාජය කරන ලදී. (7/5, 3/6, 6/3)

කාන්තා යුගල
■    අනීකා සෙනෙවිරත්න සහ අලානා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස සවිනි ජයසූරිය සහ ජනාලි මනම්පේරි පරාජය කරන ලදහ.


අදහස් (0)

අනීකා ද්විත්ව ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.