Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 2020 ජාතික ක්‍රීඩා උළෙල අදියර තුනකින්

2020 ජාතික ක්‍රීඩා උළෙල අදියර තුනකින්

යොහාන් භාසුර - 2020 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල වඩාත් සාර්ථකව සහ සම්පත් නාස්තිය අවමකරගැනීම සඳහා අදියර තුනකට සීමාකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම ක්‍රීඩා උළෙලේ පළමු අදියර කොළඹදීද, දෙවැනි අදියර අනුරාධපුර සහ පොළොන්නරුව කේන්ද්‍රකරගනිමින් උතුරු මැද පළාතේ ද, තෙවැනි සහ අවසන් අදියර කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේද, පැවැත්වීමට සැළසුම් කරමින් තිබේ.

ජාතික මහ ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන පළාත් තරගාවලි ලබන ජූලි මස 10 වැනිදාට පෙර අවසන් කර ජාතික මහ ක්‍රීඩා උළෙලේ අවසන් අදියර සැප්තැම්බර් මස පළමු සතියේ පැවැත්වීමට මේ වන විට සැළසුම්කර තිබේ.

ජාතික මහ ක්‍රීඩා උළෙලේ මීට පෙර අවසන් අදියර මලල ක්‍රීඩා තරගාවලිය වූ අතර මෙවර එයට පිහිනුම් ඇතුළු ක්‍රීඩා කීපයක් ඇතුළත් විය හැකි බව ක්‍රීඩා  අමාත්‍යංශය පවසයි. මෙම අදියර තුනට අමතරව රට හරහා දිවීමේ තරගාවලිය නුවරඑළියේදී පැවැත්වීමට නියමිතය.

මීට පෙර ජාතික ක්‍රීඩා උළෙලවලදී සති අන්තවල සෙසු ක්‍රීඩා පැවැත්වූ අතර මලල ක්‍රීඩා තරගාවලිය පමණක් අදියරක් ලෙස පැවැත්විණ.  මෙය කාලය සහ මුදල් නාස්තිකරන ක්‍රමයක් බවට පත්වීමෙන් අදියර ක්‍රමයකට යෑමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

“පරණ ක්‍රමයට ක්‍රීඩා උළෙල පැවැත්වුවහොත් මාස කීපයක් සති අන්තවල ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් විවිධ ස්ථානවල කාලය ගත කරන්න ඕනේ. ඒ සඳහා ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් දෙන්න ඕනේ. ඒක ලොකු මුදල් නාස්තියක්”

“ඒ පිළිබඳව අවධානය යොමු කරලා අදියර තුනකින් ජාතික ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මුල සතියේ අවසන් කිරීමට සැළසුම් කරලා තියෙනවා” යැයි ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා වැඩි දුරටත් පැවසීය.   

මලල ක්‍රීඩා උළෙලට වර්ෂාවෙන් බාධා ඇතිවීම වැලැක්වීම සඳහා සැප්තැම්බර් මස දක්වා ක්‍රීඩා උළෙල ඉදිරියට ගෙන තිබේ.

 


අදහස් (1)

2020 ජාතික ක්‍රීඩා උළෙල අදියර තුනකින්
  • නාමල් සුරංග Wednesday, 01 January 2020 04:12 PM

    මෙය ඉතා වටිනා කාර්යයකි. අගය කරමි. නමුදු ජාතික මහ ක්‍රීඩා උලෙලෙන් එල්ලේ කීඩාව ඉවත් කරන බවට ආරංචියක් පවති. එය සිදු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.