Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සාග් ක්‍රීඩා උළෙලට යන්න කෝටි 30 ක්

සාග් ක්‍රීඩා උළෙලට යන්න කෝටි 30 ක්

නාමල් පතිරගේ - 2019 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ කත්මන්ඩු හා පොකාරා නගරවලදී මේ වසරේ දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු (සාග්) ක්‍රිඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 27 ක් සඳහා තරග වැදීමට ශ්‍රි ලංකාව තීරණය කර ඇත. ඒ අනුව 13 වැනි සාග් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 300 ක පමණ වියදමක් දැරීමටද ක්‍රීඩා අමාත්‍යංශය සුදානම් වේ.

මේ අතර නේපාල සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රි ලංකාවේ සම්බන්ධිකරන කටයුතු මෙහෙයවීම සඳහා රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේදී විශේෂ කාර්යාලයක් ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

එළඹෙන සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රි ලංකාවේ සහභාගිත්වය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සම්බන්ධිකරණය කෙරෙන ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් රීඞ් මාවත ක්‍රිඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. ඒ සඳහා සාග් ක්‍රීඩා උළෙලට ඇතුළත් ක්‍රිඩා ඉසව් 27 ට අයත් ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානින්ට ආරාධනා කර තිබුණද ඒ සඳහා සහභාගි වී සිටියේ සීමිත නියෝජිතයන් පිරිසකි.

සාග් ක්‍රීඩා උළෙලේ සඳහා වන ශ්‍රි ලංකාවේ පුහුණුවීම් යුද හමුදාව ප්‍රධාන ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සහය ලබමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තිරණය කර ඇත. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා ‘ලංකාදීප’ ය කළ විමසුමකදී පැවසුවේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් එක් එක් ක්‍රීඩා ඉසව්වක් සඳහා පත් කෙරෙන නිලධාරින් හැරෙන්නට ඒ සඳහා යුද හමුදාවේ දායකත්වයෙන් ද තවත් අතිරේක සම්බන්ධිකරණ නිලධාරියකු බැගින්ද පත් කිරීමට ඊයේ සාකච්ඡාවේදී කටයුතු කළ බවයි.

ඒ අතර ක්‍රීඩා අමාත්‍යාංශය සාග් ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් සිය කෙටි කාලීන හා දිගු කාලීන පුහුණු සැළසුම් අරමුදල් සැපයීම සඳහා ඉදිරිපත් කරන ලෙසත් මේ වන විට දැනුම්දී තිබේ. ඒ අනුව ඔවුන් සඳහා පිළිපැදිය යුතු පොදු උපදෙස් මාලාවක් ද ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධිකරණයෙන් එම කටයුතු ක්‍රියාත්මක කෙරෙන අතර ලබන දෙසැම්බර් 1 වැනිදා නේපාලයේදී ඇරඹෙන සාග් ක්‍රීඩා උළෙල සඳහා විස්සයි - 20 ක්‍රිකට් ක්‍රීඩාවත් ‘පැරෂුට්’ ක්‍රීඩාවත් ඇතුළත් කර තිබේ.

සාග් ක්‍රිඩා උළෙලකට ‘පැරෂුට්’ ක්‍රීඩාවක් ලෙස හඳුන්වා දෙන්නේ පළමු වතාවටය 1984 දී පළමු සාග් ක්‍රිඩා උළෙල (පසුව ‘සාග්’ විය) පැවැත්වූයේද නේපාලනයේ කත්මන්ඩු නුවරදීය.

අනතුරුව 1999 දී පැවැත්වීමෙන් පසුව එහිදී සාග් ක්‍රීඩා උළෙලත් පැවැත්වෙන්නේ පළමු වතාවටය. අවසන් වරට 2016 පෙබරවාරි මාසයේ ඉන්දියාවේ ඊසාන දින ප්‍රාන්තයක් වන ඇසෑම් ප්‍රාන්තයේ ගුවාතිහි හා සීලින්  යන නගරවලදී පැවැති 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී දෙවැනි තැනට පත් ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම් ගණන 25 කි.

 


අදහස් (0)

සාග් ක්‍රීඩා උළෙලට යන්න කෝටි 30 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.