Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාව හමුවේ පසුබසිති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාව හමුවේ පසුබසිති

ශානුක අරවින්ද - 2019 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දියාවේ කටක් ප්‍රාන්තයේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාවලියේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ අද (17 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව වට 3-0 ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඉන්දියාව සමත් විය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කාන්තා කණ්ඩායම් ඉසව්වේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වදින අතර එහි පළමු තරගය ලෙස අද ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසිණ. එහිදී ඉන්දීය ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංක ක්‍රීඩිකාවන් තිදෙනාම පරාජයට පත්වූ අතර ඉන්දීය ක්‍රීඩිකාවකට එරෙහිව එක් තරග වටයක් හෝ ජයගැනීමට සමත් වූයේ චමත්සරා ප්‍රනාන්දු පමණි.

පළමු තරගයේදී ඉන්දීය ක්‍රීඩිකා මානිකා බට්‍රා හමුවේ බිමන්දි බණ්ඩාර වට 3-0 ක් ලෙස පරාජයට පත් වූ අතර දෙවැනි තරගයේදී අර්චනා ගිරිෂ් හමුවේ ඉෂාරා මධුරංගි වට 3-0 ක් ලෙස පරාජයට පත් වූවාය. තෙවැනි තරගයේදී අහිකා මුකර්ජී හමුවේ චමත්සරා ප්‍රනාන්දු පරාජයට පත් වූයේ වට 3-1 ක් ලෙසිනි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ‘බී’ කාණ්ඩයේ මීළඟ තරගය අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය.


තරග ප්‍රතිඵල
■    මානිකා බට්‍රා විසින් වට 3-0 ක් ලෙස බිමන්දි බණ්ඩාර පරාජය කරන ලදි. (11/5, 11/4, 11/5)
■    අර්චනා ගිරිෂ් විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි පරාජය කරන ලදි. (11/5, 11/5, 12/10)
■    අහිකා මුකර්ජී විසින් වට 3-0 ක් ලෙස චමත්සරා ප්‍රනාන්දු පරාජය කරන ලදි. (11/3, 11/3, 8/11, 11/4)

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාව හමුවේ පසුබසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.