Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව අවසන් ස්ථානයෙන් ගැලවීමේ සටනක

ශ්‍රී ලංකාව අවසන් ස්ථානයෙන් ගැලවීමේ සටනක

ශානුක අරවින්ද - 2019 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

චීනයේ සුෂූ නුවරදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී  ලංකා කණ්ඩායම, එහි කණ්ඩායම් ඉසව්වේ මූලික වටයේ සියලුම තරග පරාජයට පත් විය. ඒ අනුව ඔවුන් තරගාවලියේ 13 වැනි සහ 14 වැනි (අවසන්) ස්ථාන සඳහා හෙට (23 වැනිදා) පැවැත්වෙන තරගයේදී මොන්ගොලියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.

කණ්ඩායම් ඉසව්වේ මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම තායිලන්තය හමුවේ තරග 5-0 ක් ලෙසද, දෙවනුව චීන තායිපේ හමුවේ තරග 4-1 ක් ලෙසද, තෙවනුව හොං කොං හමුවේ තරග 5-0 ක් ලෙසද පරාජයට පත් විය.

චමත් ඩයස්, දුමිඳු අබේවික්‍රම, ලෝචන ද සිල්වා, චිරාත් ඉලේපෙරුමාරච්චි, ඩිල්මි ඩයස්, පංචාලි අධිකාරි, යෙහෙනි කුරුප්පු සහ අමන්දා ද සිල්වා යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරති.

ආසියානු බැඩ්මින්ටන් සංගමය සහ චීන බැඞ්මින්ටන් සංගමය එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා රටවල් 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 228 දෙනෙක් සහභාගි වී සිටින අතර හෙට (24 වැනිදා) සිට තරගාවලියේ කේවල සහ යුගල ඉසව් පැවැත්වේ.


තායිලන්තය හමුවේ තරග 5-0 ක පරාජයක්

පිරිමි කේවල
සෙත්තනාන් පියවචරවිජිත් (තායිලන්තය) විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/8, 21/14)

කාන්තා කේවල
බෙන්යාපා ඒම්සාඞ් (තායිලන්තය) විසින් වට 2-0 ක් ලෙස ඩිල්මි ඩයස් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/7, 21/12)

පිරිමි යුගල
ටෙනඩන් පුන්පනිච් සහ සිරවිට් සෝතන් (තායිලන්තය) විසින් වට 2-0 ක් ලෙස චමත් ඩයස් සහ චරිත් ඉලේපෙරුමාරච්චි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/8, 21/11)

කාන්තා යුගල
පෝන්පිචා චොයිකීවොන්ග් සහ පෝන්පිචා සුවට්නොදෝම් (තායිලන්තය) විසින් වට 2-0 ක් ලෙස ජනනුවනි අමන්දා සහ යෙහෙනි කුරුප්පු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/11, 21/9)

මිශ්‍ර යුගල
පිතායාපෝන් චායිවාන් සහ අපිචාසිට් තීරවිවාට් (තායිලන්තය) විසින් වට 2-0 ක් ලෙස දුමිඳු අබේවික්‍රම සහ පංචාලි අධිකාරි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/9, 21/3)


චීන තායිපේ හමුවේ තරග 4-1 ක පරාජයක්

පිරිමි කේවල
ලියාවෝ ජූවෝ ෆූ (චීන තායිපේ) විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/9, 21/12)

කාන්තා කේවල
ඩිල්මි ඩයස් (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස යේඕ යින්ග් චී (චීන තායිපේ) පරාජය කරන ලදි. (19/21, 22/20, 21/15)

පිරිමි යුගල
චෙන් සි රේ සහ චින් කයි වෙන් (චීන තායිපේ) විසින් වට 2-0 ක් ලෙස චමත් ඩයස් සහ චරිත් ඉලේපෙරුමාරච්චි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/11, 21/12)

කාන්තා යුගල
චියෑන්ග් යි හසුවාන් සහ සුන් වෙන් පෙයි (චීන තායිපේ) විසින් වට 2-0 ක් ලෙස ජනනුවනි අමන්දා සහ යෙහෙනි කුරුප්පු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/13, 21/9)

මිශ්‍ර යුගල
චියෑන්ග් චියෙන් වෙයි සහ හුන්ග් එන් ට්සූ (චීන තායිපේ) විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා සහ ඩිල්මි ඩයස් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/6, 21/9)


හොං කොං හමුවේ තරග 5-0 ක පරාජයක්

පිරිමි කේවල
කෝ ෂින්ග් හෙයි (හොං කොං) විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/6, 21/10)

කාන්තා කේවල
න්ග් ටින් යෑන් (හොං කොං) විසින් වට 2-0 ක් ලෙස ඩිල්මි ඩයස් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (22/20, 21/18)

පිරිමි යුගල
ජේසන් ගුනවන් සහ හුන්ග් කුවෙයි චූන් (හොං කොං) විසින් වට 2-1 ක් ලෙස චමත් ඩයස් සහ චරිත් ඉලේපෙරුමාරච්චි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/11, 19/21, 21/15)

කාන්තා යුගල
ලෙයුන්ග් සේ ලොක් සහ යෙයුන්ග් පුයි ලෑම් (හොං කොං) විසින් වට 2-0 ක් ලෙස පංචාලි අධිකාරි සහ යෙහෙනි කුරුප්පු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/8, 21/11)

මිශ්‍ර යුගල
ලෙයුන්ග් සේ ලොක් සහ ලුයි චූන් වෙයි (හොං කොං) විසින් වට 2-0 ක් ලෙස දුමිඳු අබේවික්‍රම සහ ජනනුවනි අමන්දා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (21/4, 21/9)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් ස්ථානයෙන් ගැලවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.