Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක් යති

ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක් යති

ශානුක අරවින්ද - 2019 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


චීනයේ සුෂූ නුවරදී මේ මස 20 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (18 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය. 

එහිදී චමත් ඩයස්, දුමිඳු අබේවික්‍රම, ලෝචන ද සිල්වා සහ චිරාත් ඉලේපෙරුමාරච්චි ශ්‍රී ලංකා බාලක කණ්ඩායම නියෝජනය කරන අතර ඩිල්මි ඩයස්, පංචාලි අධිකාරි, යෙහෙනි කුරුප්පු සහ අමන්දා ද සිල්වා ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම නියෝජනය කරති. 

පවිත්‍ර ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර රංජිත් ප්‍රේමසිරි මහතා කලමණාකරු ලෙසත්, ගයනි ඉනෝකා මහත්මිය බාලිකාවන් බාර නිලධාරිණිය ලෙසත් කණ්ඩායමට එක්ව සිටිති. 

ආසියානු බැඞ්මින්ටන් සංගමය සහ චීන බැඞ්මින්ටන් සංගමය එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා රටවල් 17 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 228 දෙනෙක් සහභාගි වීමට නියමිතය. 

මේ මස 20 වැනිදා දක්වා 23 වැනිදා දක්වා තරගාවලියේ කණ්ඩායම් ඉසව් පැවැත්වෙන අතර 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කේවල සහ යුගල ඉසව් පැවැත්වේ.  

- 036

ඡායාරූපය -
ඉදිරි පෙළ (වමේ සිට) - පවිත්‍ර ගුණවර්ධන මහතා (පුහුණුකරු), රොහාන් ද සිල්වා මහතා (ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති), රංජිත් ප්‍රේමසිරි මහතා (කලමණාකරු), ගයනි ඉනෝකා මහත්මිය (බාලිකාවන් බාර නිලධාරිණිය) සහ පරාක්‍රම බස්නායක මහතා (ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ උප සභාපති)  
පසු පෙළ (වමේ සිට) - අමන්දා ද සිල්වා, යෙහෙනි කුරුප්පු, දුමිඳු අබේවික්‍රම, චමත් ඩයස්, චිරාත් ඉලේපෙරුමාරච්චි, ලෝචන ද සිල්වා, ඩිල්මි ඩයස් සහ පංචාලි අධිකාරි

 -


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.