Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වූෂූ විනිසුරුවන්ගේ පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

වූෂූ විනිසුරුවන්ගේ පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

editorial - 2020 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් පවත්වන 9 වන ජාතික වූෂූ විනිසුරු හා තරග තීරක පාඨමාලාව පෙබරවාරි මස 13 දා සිට 16 දක්වා පොල්ගොල්ල ජාතික සමූපාකාර සංවර්ධන ආයතනයේ දී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වීමට සියලූම වූෂූ සංගම් නියෝජනය කරන සාමාජික සාමාජිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබේ.

සෑම අයදුම්කරුවෙකුම 2020 පෙබරවාරි 13 වන දින පෙ.ව 8.00 ට පෙර ලියාපදිංචිය සඳහා පැමිණිය යුතුය.

එක් සාමාජික සංගමයක් සඳහා අපේක්ෂකයින් සීමා කිරීමකින් තොරව ඉදිරිපත් කළ හැකිය. සන්දා (ද්වන්ධ සටන්) හා තාඕලු අංශයේ පරීක්ෂණයට මුහුණ දී සමත් වී ඇති සියලුම විනිසුරුවන් ද සිය බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා මෙම පාඨමාලාවට සහභාගි වීම අනිවාර්ය වේ.

මෙම විනිසුරු පරීක්ෂණය සමත්ව සහතික පත් හා ජාතික වූෂූ විනිසුරු බලපත්‍රය ලබා ගන්නා විනිසුරුවරුන්ට පමණක් ඉදිරි වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාතික පළාත් සහ පාසල් ඇතුළු වූෂූ තරගාවලින් විනිශ්චය කිරීමේ බලපත්‍රය හිමිවනු ඇත.

සෑම අයදුම්කරුවෙකුම 2020 පෙබරවාරි 12 දිනට වයස 18 ක් සපුරා තිබිය යුතු වන අතර තමන් හදාරන අංශය සඳහා ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ ජාතික වූෂූ තරගාවලියකට, කණිෂ්ඨ වූෂූ තරගාවලියකට හෝ පාසල් වූෂූ තරගාවලියකට සහභාගී වී තිබීම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් පැවැත්වූ පුහුණුකරු හෝ විනිසුරු පාඨමාලාවක් හදාරා තිබීම  නැතහොත් ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් පැවැත්වූ ජාතික වූෂූ තරගාවලියක් හෝ පළාත් වූෂූ තරගාවලියක් දෙවරකට වැඩි ගණනක් විනිශ්චය කර තිබීම හෝ පාසල් වූෂූ සංගමය මගින් පැවැත්වූ පාසල් වූෂූ තරගාවලියක් දෙවරකට වැඩි වාර ගණනක් විනිශ්චය කර තිබීම වුවද ඒ සඳහා සුදුසුකමක් වනු ඇත.

විනිසුරු පාඨමාලාවට සහභාගි වන අපේක්ෂකයින්ට වැඩිදුරටත් කරුණු අවශ්‍යය වේ නම් දුරකතන අංක 072-5319440 ඔස්සේ ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි රුචිර බෝධිනාගොඩ මහතා අමතා ලබාගත හැකිය. සියලුම අයදුම්පත් මානෙල් ධර්මකීර්ති මහතා, සභාපති, ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය, 63 ඒ, එපිටමුල්ල පාර, පිටකෝට්ටේ, කොට්ටේ යන ලිපිනයට ජනවාරි 31 වැනිදාට පෙර එවිය යුතුය.

....


අදහස් (0)

වූෂූ විනිසුරුවන්ගේ පාඨමාලාවට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.