Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගය 27 දා කඩුවෙලදී

විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගය 27 දා කඩුවෙලදී

editorial - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එකමුතු තරුණ සංවිධාන විසින් 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගය මේ මස 27 වැනිදා පෙරවරු 8.00 ට කඩුවෙල විහාර මාවතෙන් අරම්භ වේ.

කඩුවෙල, 143 මාර්ගය ඔස්සේ ගොස් අඹතලේ බෝධිය හංදියෙන් හරවා චන්ද්‍රිකා කුමාරතුංග මාවත හරහා වට 10 ක් ගමන්කර නැවත විහාර මාවත හංදියට පැමිණීමෙන් තරගය නිමාවට පත්වේ.

කිලෝ මීටර් 138 ක දුරකින් සමන්විතවන මෙම තරගයේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් 60,000 ක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානය සඳහා රුපියල් 40,000 ක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 30000 ක්ද බැගින් පිරිනැමේ.

එම ත්‍යාග වලට අමතරව සිවුවැනි ස්ථානයේ සිට 30 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග ලබාදීමටද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ. තරගය පිළිබඳ වැඩි විස්තර 0773442230 (ප්‍රදීප් හෙට්ටිආරච්චි) සහ 0773951577 (ලලිත් කොළඹගේ) යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.

-036


අදහස් (0)

විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගය 27 දා කඩුවෙලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.