Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විවෘත බැඩ්මින්ටන් තරගාවලිය 14 වැනිදා සිට

විවෘත බැඩ්මින්ටන් තරගාවලිය 14 වැනිදා සිට

ශානුක අරවින්ද - 2019 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනසතු සේවා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු මට්ටමේ ශේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් අතර බෙදාදීමට නියමිත මුලු ත්‍යාග මුදල රුපියල් ලක්ෂ පහකි.

මෙම තරගාවලියේ සියළු තරග එකම ක්‍රීඩාගාරයක බැඩ්මින්ටන් පිටි 10 කදී පැවැත්වෙන අතර එහිදී තරග වැදීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1,200 ඉක්මවයි. විවෘත සහ පාසල් යන අංශ දෙක යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ විවෘත අංශයේදී කාණ්ඩ 5 ක් යටතේ ඉසව් 13 ක් පැවැත්වීමට නියමිතය.

විවෘත පිරිමි කේවල, විවෘත පිරිමි යුගල, විවෘත කාන්තා කේවල, විවෘත කාන්තා යුගල, වයස 35 න් ඉහළ පිරිමි කේවල, වයස 40 න් ඉහළ පිරිමි කේවල, වයස 40 න් ඉහළ පිරිමි යුගල, වයස 40 න් ඉහළ කාන්තා කේවල, වයස 40 න් ඉහළ කාන්තා යුගල, වයස 50 න් ඉහළ පිරිමි කේවල, වයස 50 න් ඉහළ පිරිමි යුගල, වයස 60 න් ඉහළ පිරිමි කේවල සහ වයස 60 න් ඉහළ පිරිමි යුගල එම ඉසව් 13 ට ඇතුළත් වේ.

පාසල් අංශයේදී කාණ්ඩ 5 යටතේ ඉසව් 18 ක් පැවැත්වෙන අතර ඉන් වයස 11 න් පහළ කාණ්ඩයේදී බාලක සහ බාලිකා කේවල තරග පමණක් පැවැත්වේ. වයස 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන සෙසු කාණ්ඩ වලදී බාලක සහ බාලිකා කේවල තරග මෙන්ම යුගල තරගද පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

තරගාවලියේ පළමු දිනයේදී සුදුසුකම් ලැබීමේ තරග පැවැත්වෙන අතර ඉන් පසුව ප්‍රධාන තරගාවලියේ තරග පෙළගැස්ම සකස් කෙරේ. ප්‍රධාන තරගාවලියේ තරග ඔක්තෝබර් 16 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග සහ අවසන් පූර්ව තරග ඔක්තෝබර් 17 වැනිදා පැවැතවේ.  සියළුම අවසන් මහ තරග තරගාවලියේ අවසන් දිනයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන තීරකවරයා ලෙස සංජීව විජේසේකර මහතා කටයුතු කරන අතර සමන්ත නවරත්න මහතා සහාය තීරකවරයා ලෙස කටයුතු කරයි.

 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ආයතනික සබඳතා සාමාන්‍යධිකාරි රොහාන් එල්ලාවල මහතා (වමේ සිට දෙවැන්නා) තරගාවලියේ අනුග්‍රාහක චෙක්පත ජනසතු සේවා බැඞ්මින්ටන් සංගමයේ ලේකම් උපුල් ගම්ලත් මහතාට පිරිනැමූ අයුරු. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා, උප සභාපතිවරු වන පරාක්‍රම බස්නායක සහ රොෂාන් ප්‍රනාන්දු, තරග තීරක සංජීව විජේසේකර සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සහකාර අලෙවි කලමනාකරු හසිත සේනානායක මහත්වරුද මෙහි වෙති.

 


අදහස් (0)

විවෘත බැඩ්මින්ටන් තරගාවලිය 14 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.