Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලකුණක වාසියකින් යතුරුපැදි කිරුළ ජාක්ට

ලකුණක වාසියකින් යතුරුපැදි කිරුළ ජාක්ට

editorial - 2019 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද මින්නේරියේ සිට..)

මින්නේරිය, කාලතුවක්කු හමුදා ධාවන පථයේදී පැවැති 14 වැනි ‘ගනර්ස් සුපර් ක්‍රොස්’ තරගාවලියේ යතුරුපැදි කිරුළ සඳහා ඉෂාන් දසනායක, ඉවොන් බී. ගුරුසිංහ, ශානුක සඳරුවන් සහ ජාක් ගුණවර්ධන අතර ඉතා තියුණු තරගයක් දක්නට ලැබුණද, අවසානයේදී එක් ලකුණක වාසියකින් දක්ෂතම යතුරුපැදිකරුවාට හිමි සම්මානයේ අයිතිය තමන් වෙත පවරා ගැනීමට ජාක් ගුණවර්ධන සමත් විය.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලියේ යතුරපැදි අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගනු ලැබුවේ ශානුක සඳරුවන් සහ ඉමාල් මංචනායක නියෝජනය කළ හොණ්ඩා කණ්ඩායම විසිනි.

යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ජාක් ගුණවර්ධන සම්මාන ලබා ගනිමින්..

යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් හොණ්ඩා කණ්ඩායමේ සාමාජිකයින් සම්මාන ලබා ගනිමින්..

තරගාවලියේ ප්‍රධානතම යතුරුපැදි ඉසව්ව වූ එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ පළමු අදියර ඉතා පහසුවෙන් ජයගත් ඉෂාන් දසනායක, දෙවැනි අදියරේ මුල්වට කිහිපයද පෙරමුණේ ගමන් කළේය. පළමු අදියර ජයගෙන තිබීම නිසා මුල් ස්ථාන තුන තුළ දෙවැනි අදියර නිමා කිරීමට හැකි වූවා නම් ඉෂාන්ට මෙවර තරගාවලියේ දක්ෂතම යතුරපැදිකරුවා බවට පත්වීමට අනගි අවස්ථාවක් තිබිණ. එහෙත් සිය යතුරුපැදිය ගුවනේ තිබියදී ගියරයක් ක්‍රියාත්මක නොවන අවස්ථාවට (භැමඑර්ක) පත්වීමෙන් පිම්මක් වැරදී ගොස් අනතුරකට ලක්වීම නිසා ඔහුට දෙවැනි අදියර නිමා කිරීමට නොහැකි විය.
 
දෙවැනි අදියර අතර මැද ඉෂාන් තරගයෙන් ඉවත්වීමත් සමග තරගාවලියේ යතුරපැදි කිරුළ සෙසු ක්‍රීඩකයන්ට විවෘත වූ අතර පළමු අදියරේ සිවුවැනියා බවට පත්වූ ජාක් ගුණවර්ධන (ලකුණු 15), දෙවැනි අදියර ජයගනිමින් එම කිරුළ තමන් සතුකර ගත්තේය. පළමු අදියරේ තෙවැනියා වූ ශානුක සඳරුවන් (ලකුණු 14), දෙවැනි අදියරේදී දෙවැනි ස්ථානයට පත් වෙමින් ජාක්ට දැඩි අභියෝගයක් එල්ල කළද, එක් ලකුණක වෙනසකින් මෙවර තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමේ අවස්ථාව ඔහුගෙන් ගිළිහී ගියේය.
 
ඉකුත් වසරේ (2018) පැවැති ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරපැදිකරුවා බවට පත්වූ ඉවොන් බී. ගුරුසිංහ (ලකුණු 13) මෙවර තරගාවලියේදී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට අපොහොසත් විය. පළමු අදියරේදී ඉෂාන්ට පමණක් දෙවැනි වෙමින් තරගය නිමා කළ ඉවෝන්ට දෙවැනි අදියරේදී සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
 
මෙවර තරගාවලියේ වඩාත් තරගකාරී ඉසව්ව ලෙස හැඳින්විය හැකි ‘එම්’ කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ජයගැනීමට ශානුක සඳරුවන් සමත් විය. ඒ එම අදියර දෙකේදීම ළහිරු ජීවන්ත සහ ඉවෝන් බී. ගුරුසිංහ පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද දමමිනි. අදියර දෙකේදීම කරට කර තරගයක නිතර වූ ඔවුන් තිදෙනා එකිනෙකා අතර තරගයේ පෙරමුණ හුවමාරු කරගනිමින් නරඹන්නන් කුල්මත් කළහ.
 
එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් යතුරුපැදි (සි.ධා. 250 සිට 750 දක්වා) ඉසව්වද වැඩි දෙනාගේ අවධානය දිනාගත් ඉසව්වක් බවට පත් වූ අතර එහි වැඩි ගෞරව දේෂාන් සෝලංකි සහ දෙවැනි ඉමාල් මංචනායක අතර සම සමව බෙදී ගියේය. ඉතා තියුණු තරගයකින් අනතුරුව පළමු අදියර ජයගත් දේෂාන්, දෙවැනි අදියරේදී දෙවැනි ස්ථානයට පත් වූ අතර පළමු අදියරේදී දෙවැනි ස්ථානයට පත්වූ ඉමාල්, දෙවැනි අදියර ජයගැනීමට සමත් විය.
 
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කළ අතර අයි.සී.ඒ.එන්. ඇඞ්වර්ටයිසින්, ඇක්සස් ඉන්ජිනේරු, සියැට් කැලණි, බ්‍රවුන්ස් සහ අලියා සිසිල් බීම යන සමාගම් එහි සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කළේය.

යතුරුපැදි තරග ප්‍රතිඵල

ජේ. කාණ්ඩයේ (සි.ධා. 50 දක්වා) යතුරුපැදි තරගය (අවුරුදු 10 න් පහළ)
1 එන්.කේ. ඉමාෂ (යමහා පී. ඩබ්ලිව්. 50)
2 සඳරු හිමාෂ (යමහා පී. ඩබ්ලිව්. 50)
3 ඔමෙත් ඉඳුවර (යමහා පී. ඩබ්ලිව්. 50)

ජේ. කාණ්ඩයේ (සි.ධා. 65 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (අවුරුදු 10 න් පහළ)
1 සකීබ් අහමඞ් (කේ.ටී.එම්. 65)
2 එල්.පී.ටී. අනුහස් (කවසාකි 65)
3 එන්.කේ. ඉමාෂ (කේ.ටී.එම්. 65)
 
ජේ. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (අවුරුදු 12 න් පහළ)
1 දිනෙත් මිහිරංග (කවසාකි 65)
2 මිනුක රත්නායක (කේ.ටී.එම්. 65)
3 රිවිනු රත්නායක (කේ.ටී.එම්. 65)

ජේ. කාණ්ඩයේ (සි.ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (අවුරුදු 15 න් පහළ)
1 කේසර ගොඩගේ (ෆයර් ඒක්ස් 85)
2 තාරුක රුමීෂ (හොණ්ඩා සී.ආර්.එෆ්. 85)
3 ගඟන ප්‍රනාන්දු (හෂ්කුවර්නා 85)
 
එම්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 රවීෂ ජයශාන් (කේ.ටී.එම්. 125)
2 මධුර පීරිස් (හෂ්කුවර්නා 125)
3 සුපුන් ප්‍රභාත් (කවසාකි කේ.ඩී.එක්ස්. 250)
 
එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය
1 ළහිරු ජීවන්ත (යමහා වයි.ඉසෙඞ්. 125)
2 සමීර ප්‍රේමරත්න (යමහා වයි.ඉසෙඞ්. 125)
3 මධුර පීරිස් (යමහා වයි.ඉසෙඞ්. 125)
 
එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
3 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)

එම්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) සාමාන්‍ය සහ නවීකරණය කරන ලද දෙවැනි යතුරුපැදි තරගය (ස්ටී්‍රට් ටේ්‍රල්)
1 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්.එක්ස්. 250)
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)
3 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්.ආර්.එෆ්. 250)

එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් පළමු යතුරුපැදි තරගය
1 දේෂාන් සොලංකි (හෂ්කුවර්නා 250)
2 ඉමාල් මංචනායක (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 සචිර රාජකරුණා (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
 
එස්.එම්. කාණ්ඩයේ (සි.ධා. 250 සිට සි.ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් දෙවැනි යතුරුපැදි තරගය
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (හෂ්කුවර්නා 250)
3 ආර්.එම්. සර්ෆරාස් (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
 
එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 ඉෂාන් දසනායක (හෂ්කුවර්නා 250)
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි.ඉසෙඞ්.එෆ්. 250)
3 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
 
එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 125 සිට සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 ජාක් ගුණවර්ධන (කේ.ටී.එම්. 250)
2 ශානුක සඳරුවන් (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)
3 රුමීෂ බුල්ජන්ට්ස් (හොණ්ඩා සී.ආර්.එෆ්. 250)


අදහස් (0)

ලකුණක වාසියකින් යතුරුපැදි කිරුළ ජාක්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.