Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජකීය - ගේට්වේ පැසිපන්දු තරගය 22 දා

රාජකීය - ගේට්වේ පැසිපන්දු තරගය 22 දා

ශානුක අරවින්ද - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර ‘අලස්-ගුණසේකර’ කුසලාන සඳහා පැවැත්වෙන වාර්ෂික වයස 19 න් පහළ පැසිපන්දු තරගය මේ මස 22 වැනිදා ගේට්වේ ජාත්‍යන්තර පාසල් පැසිපන්දු පිටියේදී පැවැත්වේ.

අභාවප්‍රාප්ත ආර්.අයි.ටී. අලස් මහතා සහ ඊ.සී. ගුණසේකර මහතා සිහි කිරීම පිණිස මෙම පැසිපන්දු තරගය පැවැත්වෙන අතර ඔවුන් දෙදෙනා උක්ත පාසල් වෙනුවෙන් කරන ලද සේවය ඇගැයීම වෙනුවන් මෙම තරගය ‘අලස්-ගුණසේකර’ කුසලාන තරගය ලෙස නම කර තිබේ.

මෙවර තරගයේදී වෙනුජ ගම්ලත් විසින් රාජකීය විදුහල් කණ්ඩායමද, චෙවාන් ද කොස්තා විසින් ගේට්වේ විදුහල් කණ්ඩායමද මෙහෙයවනු ලබති. තරගයට සමගාමීව දෙවිදුහල් අතර වයස 15 න් පහළ බාලක පැසිපන්දු තරගයක්ද, ගේට්වේ ජාත්‍යන්තර පාසල සහ කොළඹ දේවි බාලිකා විදුහල අතර වයස 19 න් පහළ බාලිකා පැසිපන්දු තරගයක්ද පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඕස්ටේ්‍රලියාවේ සහ මැලේසියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය කටයුතු කරන අතර සවුත් ඒෂියන් ටෙක්නොලොජීස්, ජෝන් කීල්ස්, අලියා සිසිල් බීම යන සමාගම් සහ ආසිරි පෞද්ගලික රෝහල එහි සෙසු අනුග්‍රාහකයෝ ලෙස කටයුතු කරති.


අදහස් (0)

රාජකීය - ගේට්වේ පැසිපන්දු තරගය 22 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.